IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


ජපාන අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කරයි

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ජපාන අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර ඇති නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා වී නැතැයි ද එම පුවත් වාර්තාවල දැක්විණි.රජයේ

ආරංචිමාර්ග උපුටා දක්වමින් එලෙස අග්‍රාමාත්‍යවරයා ටෝකියෝ රෝහලට ඇතුළත් කර ඇතැයි එම මාධ්‍ය වාර්තා කර තිබිණි. කරදරයට කලබලයට පත්වීමට හේතුවක් නැතැයි ද එම වාර්තාවලින් කියැවිණි. අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් වදවීය යුත නැතැයි රජයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් ‘නිපෝන් ටීවි’ රූපවාහිනි පුවත් සේවය වාර්තා කර තිබිණි.

 අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර ඇත්තේ සාමාන්‍යයෙන් කෙරෙන වෛද්‍ය පරීක්ෂාවක් සඳහා යැයි ඔහුට සමීප පුද්ගලයන් උපුටා දක්වමින් ‘කියෝඩෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයෙන් විමසීමක් කළ ද ඔවුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ, බදු පිළිබඳ මණ්ඩලයේ සභාපති අකිරා අමාරි ද අදහස් දක්වා තිබිණි. නව කොරෝනා වයිරස අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා එකට දිගට වැඩ කිරීමෙන් අග්‍රාමාත්‍යවරයා වෙහෙසට පත්ව ඇතැයි හෙතෙම කීය.

“මං හිතනවා අග්‍රාමාත්‍යවරයා විවේකයක් ගන්න වුවමනායි කියලා. ඔහු විවේකයක් ගත යුතුයි. අග්‍රාමාත්‍යවරයා ඉතා වගකීමෙන් වැඩ කරන කෙනෙක්. මේ වෙලාවේ විවේකයක් ගැනීම වැරැදියි කියලා ඔහු හිතනවා” යැයි අමාරි ඉරිදා පැවැති ප්‍රවෘත්ති වැඩසටහනකට එක්වෙමින් කීය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මේ වනවිට 65 වැනි වියේ පසුවෙයි. හෙතෙම ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා ද වේ. අබේ 2012 සිට බලය හොබවයි. මේ ඔහුගේ දෙවැනි ධුර කාලය වන අතර ඔහු මුල් වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2007 වසරේදී ය.

මහ බැඩවල ඉදිමීම ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් හෙතෙම වසරක කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමන් අනතුරුව, එම ධුරයෙන් ඉල්ලා අස්විය. එම කාලයේදී එම රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර නොතිබූ අතර දැන් ඊට වෛද්‍ය ප්‍රතිකාර තිබේ. අග්‍රාමාත්‍යවරයා ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් එම රෝගී තත්ත්වය පාලනය කරගෙන සිටින බව දැනගන්නට ලැබේ.

අසනීප තත්ත්වය නිසා දේශපාලනයෙන් ඉවත් වූ ෂින්සෝ අබේ නැවත කරළියට පැමිණියේ 2012 වසරේදී ය.

(055) රොයිටර්



අදහස් (0)

ජපාන අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 259 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 580 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site