
මාස 4කට ආසන්න කාලයකට පසුව ජර්මනියේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (23) දිනයේ වාර්තා වී තිබේ.
ඒ අනුව අද දිනයේදී නව ආසාදිතයින් 2034 දෙනෙකු හඳුනාගෙන ඇත.
පසුගිය අප්‍රේල් මස 26 වන දාට පසුව ජර්මනියෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.
පසුගිය මාර්තු අග භාගයේ සිට අප්‍රේල් මාසය දක්වා එරටින් දෛනිකව ආසාදිතයින් 6000ක් පමණ වාර්තා වූ අතර ඉන් පසු එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි.
කෙසේවෙතත් යළිත් වරක් ජර්මනිය තුළ වයිරස ව්‍යාප්තියේ අවදානමක් මතුව ඇති බව බලධාරීහු පවසති.
(ගාඩියන් ඇසුරෙනි)
126
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd