IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මහ පරිමාණයෙන් කොරෝනා එන්නත් නිපදවන බව මෝදි කියයි

විද්‍යාඥයන්ගේ අවසරය ලද විගස ‘කොවිඩ්-19’ එන්නත මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී ප්‍රකාශ කළේය.

සෑම පුරවැසියකුටම හැකි ඉක්මනින් එම එන්නත ලබාදීම සඳහා මෙන්ම ඉන්දියාවේ සෑම පුරවැසියකුටම සෞඛ්‍ය හැඳුනුම්පතක් ලබාදීම සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඉන්දියාවේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් 17 වැනි සියවසට අයත් නවදිල්ලියේ රතු බළකොටුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය. සිය රට තුළ ශක්තිමත් සහ කිසිවකු මත යැපීමට අවශ්‍ය නොවන සෞඛ්‍ය සහ ආර්ථික පද්ධතියක් නිර්මාණය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය. සිය ආණ්ඩුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ ඒ සඳහා බව ද ඔහු කීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉකුත් දා (15) පැවැති නිදහස් දින උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදි එම කරුණු සඳහන් කළේය.  

‘‘එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, ඉන්දියාව තුළ කොරෝනා වයිරස එන්නත් තුනක් පරීක්ෂාවට ලක්වෙමින් තිබෙනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘විද්‍යාඥයන්ගේ අවසරය ලැබුණු විගස අපි මහ පරිමාණයෙන් එන්නත් නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒ වගේම සෑම ඉන්දීය ජාතිකයකුටම අඩුම කාලයක් තුළ එන්නත් ලබාදීම සඳහා සැලැස්මක් ද සකස් කරනවා’’ හෙතෙම කීය.

මෙවර නිදහස් දින කතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හත්වැනි නිදහස් දින කතාව ද වේ. නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් ඉන්දීය නිදහස් දින උත්සවයට ‌මෙවර සහභාගී කරවාගෙන තිබුණේ අමුත්තන් 4,000කට ආසන්න පිරිසකි. එම සීමා හේතුවෙන් ඔවුන්ට අසුන් පනවා තිබුණේ ද මීටර දෙකක් ඈතිනි.

ඉන්දීය හමුදා නිලධරයන් හා සෙබළුන්, නිදහස් දින උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි පිළිගත් අතර ඔවුන් දින ගණනාවක් නිරෝධායනයට යොමු කර තිබිණි.

නිදහස් දින උත්සවයට පැමිණි අයකු ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඒ සඳහා වෛද්‍ය කුටි සහ ගිලන් රථ ද සූදානම් කර තිබිණි.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3ක් වන අතර ඔවුන් වෙනුවෙන් ජාතික ඩිජිටල් සෞඛ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිදහස් දින උත්සවයේදී කීය. එම වැඩසටහනේ ආරම්භය නිදහස් දින උත්සවයට සමගාමීව සිදු කෙරුණි. සෑම සෞඛ්‍ය පරීක්ෂණයකම දත්ත, රෝග, ප්‍රතිකාර සහ අනෙකුත් විස්තර සෞඛ්‍ය හැඳුනුම්පතට ඇතුළත් කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘වෛද්‍යවරයකු සඳහා කාලය වෙන් කරවාගැනීමක්, නැතිනම් මුදල් වෙන් කිරීමක් එහෙමත් නැතිනම් රෝහලකින් අවශ්‍ය ලිපි ලේඛන ලබාගැනීමක් ද මේ සියලු ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දීම සඳහා අපි මේ ක්‍රමවේදය භාවිත කරනවා’’ හෙතෙම කීය.

ඉන්දියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩි අවධානයක් යොමු කළේය. ඉන්දියාවේ ආර්ථිකය ජාත්‍යන්තර තුළ කරන බලපෑම වැඩි කළ යුතු යැයි ද ඔහු කීය.ආනයනය සීමා කරමින් අගය එකතු කළ නිෂ්පාදන අපනයන වැඩි කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

ඉන්දියාවේ යටිතල පහසුකම් වර්ධනය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිදහස් දින උත්සවයේදී අවධාරණය කළේය. එය මෝදි මැතිවරණයේදී දුන් පොරොන්දුවකි. එම පොරොන්දුව ඉටු කරමින් ඉන්දීය රුපියල් ට්‍රිලියන 110ක් (ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.47) වියදම් කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 7000ක් ක්‍රියාත්මක කරන බවත් ඒ මගින් නව රැකියා නිර්මාණය වන බවත් කුඩා ව්‍යාපාර නගා සිටුවන බවත් හෙතෙම කීය. එය ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 

රොයිටර්

055

 



අදහස් (5)

මහ පරිමාණයෙන් කොරෝනා එන්නත් නිපදවන බව මෝදි කියයි

සිරිබිරිස් Wednesday, 19 August 2020 05:03 AM

ඔහු නං නියම නායකයෙක්... ඉන්දියාව ලෝකයේ දියුණුම රටක් කරනවා. සමහර ආසියානු රටවල නායකයින්ගේ තියෙන්නේ කයිවාරුව විතරයි...

:       183       82

prabha Wednesday, 19 August 2020 09:44 AM

ඉන්දියාවත් නිදහස දීලා අවුරුදු 72ක්. ජනගහනයෙන් සියයට 5කට වැසිකිලි නැහැ.

:       2       46

විජේ Thursday, 20 August 2020 08:57 AM

ටිකක් වැඩිපුර හින්දු ජාතිකයින්ට විතරක් සලකන බවයි ආරංචි...

:       0       3

fairoos Wednesday, 19 August 2020 07:23 AM

මෙයත් සිරිසේන වගේ ලෝකෙට විහිළු සපයනවා.

:       3       35

vikum Wednesday, 19 August 2020 09:35 AM

සිරිබිරිස්, ඔයා ඉන්දියාවේ දේශපාලනය හරියට හදාරලාද ඔය කියන්නේ..? මෝදි තරම් කපටි දේශපාලකයෙක් නැතිතරම් කුලය පෙරටු කරගනිමින්, නූගත්කම් මුදලින් යටපත් කරමින් ඔහු දාදු ක්‍රීඩාවේ යෙදෙන ආකාරය හරියට හදාරමින් කොමෙන්ට් ලියන්න...

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site