(එම්.සුසිල් ප්‍රියන්ත)

වෙඩි තබා ඝාතනය කළේ යයි සැකසිතිය හැකි පිරිමි අයකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ රත්ගම මලිදූව චීන ක්‍රීඩාංගණයේදී සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා තවම හදුනාගෙන නැති බවත් ඔහු වයස 38 - 40 ත් අතර වයසේ පසුවන්නෙක් බවත් පොලීසිය කියයි.

මැරී බිම වැටී තිබියදී සොයා ගැනුනු මේ පුද්ගලයාගේ හිසෙන් රුධිරය වහනය වන බවත් එහි ඇති තවාලය වෙඩි තැබීමකින්වූ තුවාලයක් විය හැකි බවට සැකකරන බවද පොලීසිය කියයි.

පුද්ගලයකු වෙඩි වැඩී මිය ගියේ යයි කියන තොරතුරකට අනුව මේ ස්ථානයට පැමිණ පරීක්ෂා කර බැලීමේදී මේ මළ සිරුර සොයා ගත් බවද පොලීසිය කියයි.

මේ පුද්ගලයා යම් පිරිසක් හෝ පුද්ගලයකු මේ ස්ථානයට කැදවාගෙන විත් හෝ පැහැරගෙන විත් මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද සැකකරන බවද පොලීසිය කියයි.