ගල්කිස්ස පොලීසියට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී සිය රාජකාරී ටී.- 56 ගිනි අවිය සොරකම් කර , සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී පසුව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටි ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් ජයකොඩි නැමැත්තා යළි ලංකාවට රැගෙන විත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීවරුන් පිරිසක් විසින් ඩුබායි වෙත ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන 11/26 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.
මොහු අනුරාධපුර , පේමඩුව හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි. මොහු 11/26 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සදහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියහ .
ටී.කේ.ජී. කපිල


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd