IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


ධවල මන්දිරය ඉදිරිපිට වෙඩිතැබීමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් ආරක්ෂක නිලධාරීහු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගියහ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් සිටින අවස්ථාවකදී ධවල මන්දිරය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මාධ්‍ය හමු පැවැත්වීම සඳහා ධවල මන්දිරයේ වෙනම ස්ථානයක් ඇත. වෙඩි තැබීම වූ සැණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය ආරක්ෂක සේවයේ නිලධාරීන් ක්‍රියාත්මක වී ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.

එම සිදුවීමෙන් මිනිත්තු කිහිපයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත මාධ්‍ය හමු පැවැත්වෙන ස්ථානයට පැමිණියේය. ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් සැකකාර පුද්ගලයා ආයුධ සන්නද්ධව සිට ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.

“ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවෙලා. ආරක්ෂක අංශ එය පාලනය කරලා. ඇත්තටම වෙඩි තැබීමක් සිදුවෙලා. එක් පුද්ගලයෙක් රෝහල් ගත කරලා. ඔහුගේ තත්ත්වය ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කීය.

ධවල මන්දිරය පිහිටි භූමියේ කෙළවර පිහිටි වැට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (10) දිනයේදීය. මෙම සිදුවීමේදී කිසිවකුත් ධවල මන්දිරයට ඇතුළු වී නැතැයි ද රහස්‍ය ආරක්ෂක සේවයේ (සීක්‍රට් සර්විස්) ආරක්ෂාව යටතේ සිටින කිසිවකුටත් සිදුවීමෙන් අනතුරක් නැතැයි ද එම සේවය පසුව සඳහන් කළේය.

(රොයිටර්)

055

 



අදහස් (0)

ධවල මන්දිරය ඉදිරිපිට වෙඩිතැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 291 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site