ඩුබායි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කරයි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැසුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කිරීමට එරට පාලක රජය පියවර ගෙන ඇත. 04 June 2020
‘ඇමෙරිකාවේ ව්‍යුහාත්මක ප්රචණ්ඩත්වය හෙළා දකිනවා’ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ‘‘ව්‍යුහාත්මක වර්ගවාදය’’ සහ ‘‘අන් කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර’’ නිර්දය ලෙස හෙළා දකින් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය. 04 June 2020
’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘ අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය. 04 June 2020
ඇමෙරිකාවේ විරෝධතා අටවැනි දිනටත් සුදු ජාතික පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ අඩත්තේට්ටම්වලට ලක්ව මරණයට පත්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතා අටවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසක් පැවැත්විණි. 03 June 2020
‘‘වර්ගවාදය නොදැක්කා සේ ඉන්න බැහැ‘‘ වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (3) ප්‍රකාශ කළහ. 03 June 2020
ෆේස්බුක් සේවකයෝ ට්‍රම්ප්ට සකර්බර්ග් විරෝධය පාති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කිරීමත් සමඟ එම සමාගමේ සේවකයන් අතිබහුතරයක් සිය රාජකාරිවලින් ඉවත් වී ඇත. 03 June 2020
කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 03 June 2020
චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. 03 June 2020
ඉන්දියාවට තවත් සුළි කුණාටුවක් එන ලකුණු ඉන්දියාවේ මුම්බායි නගරය දෙසට දරුණු සුළි කුණාටුවක් ළඟා වෙමින් පවතින බව කාළගුණ අනාවැකි පවසයි. 03 June 2020
’ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර ගැන විමසිල්ලෙන්’ ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය. 02 June 2020
ඇමෙරිකාවේ විරෝධතා මඩින්න හමුදාව කැඳවන්නැයි ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අවසන් කිරීම සඳහා හමුදාව කැඳවන්නේ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 June 2020
සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි කොරෝනා අවදානම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබණු සිංගප්පූරුවේ පාසැල් අද (02) නැවත විවෘත කෙරිණ. 02 June 2020
මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ. 02 June 2020
පාකිස්තානයෙන් දිනයකදී කොරෝනා ආසාදිතයන් 3,900 ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරුන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 3,938ක් ලෙස දැක්විණි. 02 June 2020
මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි කොරෝනා රෝගයෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10 000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 02 June 2020
චීනයෙන් - ඉරානයෙන් ඇමෙරිකාවට විරෝධය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත. 02 June 2020
ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 4 ක් මරුට මාරාන්තික ඉබෝලා රෝගයෙන් කොංගෝවේ 04 දෙනකු මියගොස් ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි. 02 June 2020
ආණ්ඩුකාරවරුන් දුර්වලයි : ට්‍රම්ප්ගෙන් චෝදනාවක් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ චෝදනා කළේය. 02 June 2020
උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට යයි කොරෝනා වසංගතය හේතුවෙන් උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් මෙම මාසයේදී නැවත විවෘත කිරීමට නියමිත බව එරට රජය පවසයි. 02 June 2020
අමන්දා සුළි කුණාටුවෙන් එල් සැල්වදෝරයේ 14 ක් මරුට එල් සැල්වදෝරය හරහා හමා ගිය අමන්දා සුළි කුණාටුව හේතුවෙන් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 02 June 2020
ඇමෙරිකාවේ විරෝධතා උග්‍ර අතට මිනියැපොලිස් නුවර කළු ජාතිකයකු වූ ජෝජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය අභියසට ද පැමිණ ඇත. 01 June 2020
තුර්කිය සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට තුර්කිය පියවර ගෙන ඇත. 01 June 2020
ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා අද (1) වනවිට එරට ප්‍රාන්ත 15කට ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇත. 01 June 2020
බ්‍රිතාන්‍යට අගුලු දැමීමෙන් පසු ප්‍රථම වරට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරස අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට එළිසබත් මහ රැජින එළිමහනේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 01 June 2020
ඕස්ට්‍රේලියාවේ යපස් ව්‍යාපෘතියක් නිසා වසර 46 000ක් පැරණි ගුහා සමූහයක් විනාශ වෙයි ඕස්ට්‍රේලියාවේ බටහිර පිල්බරා ක්ලාපයේ යපස් ව්‍යාපෘතියක් සිදුකිරීමේ දී වසර 46 000 ක් පමණ පැරණි ආදිවාසී ගුහා සමූහයක් විනාශ වී ඇත. 01 June 2020
ඇමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට දරුණු තත්ත්වයකට හැරී තිබෙන අතර විරෝධතාකරුවන් ධවල මන්දිරය ආසන්නයට පැමිණ ඇතැයි වාර්තා වේ. 01 June 2020
ඇමරිකානු ගගනගාමීහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වෙති ගගනගාමීන් දෙදෙනකු රැගෙන පසුගිය සෙනසුරාදා (30) ඇමරිකාවේ ෆ්ලොරීඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලද රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ලඟාවී ඇති බව නාසා ආයතනය පවසයි. 01 June 2020
බර්කිනා ෆාසෝ හි වෙඩි ප්‍රහාරයකින් 30ක් මරුට අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝ හි කොම්පියැන්ගා නගරයේ ජනාකිර්ණ වෙළඳපොළකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 01 June 2020
මෝල්ටාවේ ගුවන් තොටුපළ ජූලි 1 දා විවෘත කෙරේ මෝල්ටාව ජූලි මස 1 වනදා සිට මගී ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපල විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය රොබට් අබෙලා මහතා පවසයි. 31 May 2020
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 6ක් මරුට සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ බස් රථයක සිටි 06 දෙනකු මියගොස් තිබේ. 31 May 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026