මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් මහතාට වසර 12 ක සිර දඬුවමක් එරට මහාධිකරණය විසින් නියම කර තිබේ.
ඩොරල් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද නඩු විමසීමකදී ඔහුට ඉදිරිපත්ව තිබූ චෝදනා වලට වැරදිකරු වීම ඊට හේතුව වේ.
සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය සහ බලය අයුතු ලෙස පරිහරණය කිරීම යන චෝදනා ඔහු වෙත එල්ල වී තිබුණත් තවදුරටත් තමන් නිවැරදිකරු බව ඔහු පවසා සිටියේය.
මැලේසියාවේ ආර්ථික සංවර්ධනය දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති මැලේසියානු සංවර්ධන අරමුදල (1MDB) සම්බන්ධ අපරාධ තුළින් ගෝලීය වංචා හා දූෂණ ජාලයක් හෙළි වී ඇත.
අරමුදලින් රිංගිට් මිලියන 42 ක් (ඩොලර් මිලියන 10) මුදලක් අගමැතිවරයාගේ පෞද්ගලික ගිණුම්වලට මාරුකිරීම සම්බන්ධයෙන් මොහු වරදකරු වී තිබේ.
හිටපු අගමැති නජිබ් රසාක් මහතා නියෝජනය කළ පක්ෂය වසර 61ක කාලයක් මැලේසියාවේ ආණ්ඩු බලය හොබවා ඇත.
2009 - 2018 දක්වා ඔහු අගමැති ධූරය හෙබවූ කාලයේ බලය අයුතු ලෙස භාවිතය සම්බන්ධයෙන් ද ඔහු වැරදිකරු වී තිබේ.
මෙම නඩුවේ සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු සාධාරණ සැකයෙන් ඔබ්බට නඩුව ඔප්පු කිරීම සඳහා පැමිණිලි පාර්ශවය සමත් වී ඇතැයි පෙනී ගිය බව විනිසුරු නස්ලාන් මොහොමඞ් මහතා ප්‍රකාශ කළේය.
එම තීන්දුව පිළිගත නොහැති බැවින් ඊට අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු අගමැතිවරයා පවසයි.
-226-
බීබීසී ඇසුරෙනි
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්ට වසර 12 ක සිර දඬුවමක්
Binkunndaa Tuesday, 28 July 2020 06:07 PM
ලංකාවේ මෙහෙම නීතිය ක්‍රියාත්මක වෙනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඇතුලේ හිරබත් කන්න ඕන.