නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ රටටම බලපැවැත්වෙන පරිදි ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට ලෙබනනය තීරණය කර ඇත.
ඉකුත් සෙනසුරාදා දිනයේදී ලෙබනනයෙන් වයිරස ආසාදිතයන් 175 දෙනකු හඳුනාගෙන ඇති අතර එය දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන බව ද පැවසේ.
ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ ලෙබනන සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම තත්ත්වය සලකා බලමින් ජූලි 30 වැනිදා සිට අගෝස්තු මස 3 වැනිදා දක්වා අගුළු දැමීමට තීරණය කර ඇතැයි ලෙබනනයේ තොරතුරු පිළිබඳ අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසුව පැවැසීය.
ලොක්ඩවුන් සීමා අගෝස්තු මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන අතර අවන්හල් සහ කෝපිහල් විවෘත කිරීමට අවසර ලබා දේ. කෙසේ නමුත් ඒවට ඇතුළත් කරගත හැක්කේ ආසන සංඛ්‍යාවෙන් සියයට 50කට ආසන්න පිරිසක් පමණි. එම කාලය තුළ දී ද රාත්‍රී සමාජශාලා, බීමහල්, ගෘහස්ත පිහිනුම් තටාක සහ පොදු උද්‍යායන සියල්ල වසා දැමේ.
ලෙබනනයේ ජනගහනය මිලියන හයකට ආසන්න වේ. එරටින් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,879කි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 51කි.
රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ලෙබනනයට අගුළු දමයි