IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘ත්‍රස්ත සංවිධානයක නායකයකු අත්අඩංගුවට ගත්තා’

 

ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ඉරාන විරෝධී සන්නද්ධ කණ්ඩායමක නායකයකු රඳවාගෙන ප්‍රශ්න කරන බව ඉරානය ඊයේ (1) නිවේදනයේ කළේය.

ඉරානයේ බුද්ධි අංශ එලෙස ප්‍රශ්න කිරීම් කරන බවත් 2008 වසරේදී එල්ල වූ ප්‍රහාරයකට මොහු සම්බන්ධ බවත් තවත් ප්‍රහාර රැසක් සැලසුම් කර ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. වසර 2008 එල්ල වූ එම ප්‍රහාරයෙන් 14 දෙනෙක් මරණයට පත්වූහ.

මෙම සන්නද්ධ කණ්ඩායමේ නායකයා අත්අඩංගුවට පත්වූයේ කොහේදී ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව වාර්තා නොවිණි.

ඉරානයේ බුද්ධි අංශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. අත්අඩංගුවට ගත්තේ කවදාද ? කොහේදීද ? කෙසේ ද යන්න සම්බන්ධයෙන් යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම නිවේදනයේ සඳහන් නොවුණු අතර සංකීර්ණ මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට පත් වූ බව එම නිවේදනයේ දැක්විණි.

“සංකීර්ණ මෙහෙයුමකින් පසු තොන්දාර් ත්‍රස්ත සංවිධානයේ නායක ජම්ෂිද් ෂර්මාද් අත්අඩංගුවට ගැනුණා. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ඉරානයට එරෙහිව සන්නද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවා තිබෙනවා. ඔහු දැන් අපේ අත්අඩංගුවේ සිටිනවා” යැයි එම නිවේදනයේ දැක්විණි.

තොන්දාර් සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැත. ෂර්මාද් පැහැර ගැනීමට ලක්ව ඇත්තේ එම සංවිධානයට අයත් වෙබ් අඩවියේ වාර්තා පළ වී තිබූ නමුත් ඒ කිසිවක් නිශ්චිතව තහවුරු කර නොතිබිණි. පැහැර ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව හා ජාලවලින් ආරංචි දැනගන්නට ලැබී ඇතැයි ද එම සංවිධානය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි.

“නායකයා නොමැතිව වුවද අපි දිගින් දිගටම සටන් වදිනවා” යැයි එම සංවිධානයේ ඔවුන්ගේ සමාජ ජාල මාධ්‍යයක මීට කලින් පළ කර තිබූ සටහනක දැක්විණි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.

ඉරානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වන මෙම සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ. වසර 1,979 දී ඉස්ලාමීය විප්ලවයෙන් පෙරළා දැමුණු ඉරාන රාජාණ්ඩුව නැවත ස්ථාපිත කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම සංවිධානය ඉරානයේ විපක්ෂය කණ්ඩායම්වලට සහාය ප්‍රකාශ කරන ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකා කිහිපයක්ම විදේශවල පවත්වාගෙන යයි.

මෙම සංවිධානයේ වෙබ් අඩවියේ ඇතුළත් තොරතුරුවලට අනුව ෂර්මාද් 1955 වසරේ මාර්තු මාසයේදී උපත ලබා ඇති අතර වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. එම වෙබ් අඩවියට අනුව ඔහු ඉරාන-ජර්මානු සම්භවයක් ඇත්තෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවරට පැමිණ ඇත්තේ 2003 වසරේදී ය.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බව ඉරානයේ බුද්ධි අංශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය. ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ෂර්මාද්ගේ බව කියන ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි.  

ඉරානයේ දකුණු දිගට වන්නට පිහිටි නගරයක් වන ෂිරාස්හි ආගමික මධ්‍යස්ථානයක 2008 වසරේදී සිදු වූ පිපිරීම සැලැසුම් කර ඇත්තේ ෂර්මාද් බව ද ඉහත කී නිවේදනයේ සඳහන් විය. ඒම පිපිරීමෙන් 14 දෙනකු මියගොස් 215 දෙනෙක් තුවාල ලැබූහ.

එම සංවිධානය පසුගිය වසර කිහිපයේදී තවත් ප්‍රහාර කිහිපයක් සැලැසුම් කළ බවත් බුද්ධි අංශ ඒවා ව්‍යර්ථ කළ බවත් ඉරානය ප්‍රකාශ කරයි. ඉරානයේ, ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ වන අයතුල්ලා රුහල්ලා කමේනිගේ සිද්ධස්ථානය පුපුරුවා හැරීම ද එම සැලසුම් අතර තිබී ඇතැයි ඉරානය සඳහන් කරයි. එම සැලැසුම වැළැක්වූයේ කවදාදැයි යන්න සම්බන්ධයෙන් ඉරානයේ මෙතෙක් විස්තර ඉදිරිපත් කර නොමැත.

 

රොයිටර්

055



අදහස් (0)

‘ත්‍රස්ත සංවිධානයක නායකයකු අත්අඩංගුවට ගත්තා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site