නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය දීර්ඝ කරන්නැයි ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
එසේ හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කළහොත් අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේගේ ආණ්ඩුවේ බලය ද තවදුරටත් වැඩි වනු ඇතැයි පැවසේ.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට විපක්ෂයේ පක්ෂවලින් දැඩි විරෝධයක් එල්ල විය.
වසංගතයේ ව්‍යාප්තිය වේගයෙන් පහළ වැටෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා අත තවදුරටත් වැඩි බලතල තිබිය යුතු නැතැයි විපක්ෂය පෙන්වා දී තිබේ.
“වයිරසය දිගින් දිගටම පැතිරෙමින් තිබෙනවා. වයිරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත් පියවර හිටි හැටියේම අත්හිටුවීම සුදුසු නැහැ” යැයි ඉතාලි පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යවරයාගේ එම ඉල්ලීමට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
කෙසේ නමුත් තමන්ට හදිසි නීතිය වසර අවසන් වනතෙක් දීර්ඝ කිරීමට අවශ්‍ය නැති බවත් ඔක්තෝබර් මාසයේදී නැවත විමසා බැලිය හැකි බවත් ඉතාලි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
හදිසි නීතිය දීර්ඝ කරන්නැයි ඉතාලි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්