IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


මුම්බායි මුඩුක්කු නිවැසියන්ගෙන් අඩකට කොරෝනා තිබිලා

මුම්බායි නුවර මුඩුක්කුවල ජීවත් වන ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.

නගර බලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම අධ්‍යයනය කර තිබෙන අතර එහි වාර්තාව ඊයේ (29) එළිදැක්විණි.

මේ ආකාරයේම මතභේදාත්මක වාර්තාවක් පසුගිය දිනෙක දිල්ලියෙන් ද එළිදැක්විණි. මෙම වාර්තා සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මෙන්ම එරටින් වාර්තා වන මරණ ගණන සම්බන්ධයෙන් ද ගැටලු මතුකර ඇත.

“කොවිඞ්--19” හෙවත් නව කොරෝනා වයිරසයෙන් තෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවටය. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනියට වාර්තා වන්නේ බ්රගසීලයෙනි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.5 ඉක්මවයි.

‘කොවිඞ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි නොකෙරුණු බවත් එබැවින් ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන දැනට වාර්තා වන ආසාදිතයන්ගේ ගණනට වඩා ඉතා ඉහළ බවත් මීට පෙර විශේෂඥයෝ අවස්ථා ගණනවාකදීම පෙන්වාදුන්හ.

මුම්බායි බලධාරීන් අහඹු ලෙස තෝරාගත් 6,936 දෙනකුගේ රුධිර සාම්පල පරීක්ෂා කර ඇති අතර මුඩුක්කුවල ජීවත්වෙන ජනතාවගෙන් සියයට 57කගේ සහ මුඩුක්කු නොවන ස්ථානවල ජීවත්වන පිරිසගෙන් සියයට 16කගේ සිරුරුවල වයිරස ප්‍රතිදේහ ඇති බවත් එයින් අනාවරණය වී තිබේ.

මුම්බායි නුවර ජීවත් වන පිරිසගෙන් සියයට 40කට අධික පිරිසක් ජීවත් වන්නේ මුඩුක්කු නිවාසවලය. මුම්බායි නුවරින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 110,000 ඉක්මවයි. මුම්බායි නුවරින් මේ වනවිට වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 6,000 ඉක්මවයි.

මුම්බායි නුවර ජනගහනය මිලියන 20කට ආසන්න වේ. මුම්බායි නුවර විශාලතම මුඩුක්කු නිවාස ඇති ප්‍රදේශය ලෙස සැලකෙන්නේ දරාවි ප්‍රදේශයයි. එහි ජීවත්වන පිරිස මිලියනයක් යැයි ඇස්තමේන්තු කර ඇත.

මුඩුක්කු නිවාස ඇති ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වුවද වාර්තා වන මරණ ගණන ඉතා අඩුය. වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට දැඩි පියවර ගත් නිසාත් ගන්නා ලද එම පියවර ඵලදායී නිසාත් එලෙස අඩුවෙන් වයිරස ආසාදිත මරණ වාර්තා වන බව මුම්බායි බලධාරීහු පවසති.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

මුම්බායි මුඩුක්කු නිවැසියන්ගෙන් අඩකට කොරෝනා තිබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site