
මෙක්සිකෝවේ නිරිතදිග ගුවෙරෙරෝ ප්‍රාන්තයේ දී තුවක්කුකරුවන් පිරිසක් විසින් මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඉගුවාලා නගරයේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර මාධ්‍ය සඳහන් කරන්නේ මෙක්සිකෝවේ මෙම වසර තුළ මාධ්‍යවේදීන් හතරදෙනකු ඝාතනය කර ඇති බවයි.
පැබ්ලෝ මොරුගරස් නම් මෙම මාධ්‍යවේදියා සමග ඔහුගේ ආරක්ෂකයා ද ඝාතනය කර ඇති බව මෙක්සිකෝහි මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මොරුගරස් 2016 වසරේදී ද ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත් අයෙකි.
මාධ්‍යවේදියාට වෙඩිතබා ඇත්තේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
ගුවෙරේරෝ, මෙක්සිකෝවේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රාන්තයන්ගෙන් එකකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd