IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෙක්සිකෝවේදී මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

මෙක්සිකෝවේ නිරිතදිග ගුවෙරෙරෝ ප්‍රාන්තයේ දී තුවක්කුකරුවන් පිරිසක් විසින් මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඉගුවාලා නගරයේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර මාධ්‍ය සඳහන් කරන්නේ මෙක්සිකෝවේ මෙම වසර තුළ මාධ්‍යවේදීන් හතරදෙනකු ඝාතනය කර ඇති බවයි.

පැබ්ලෝ මොරුගරස් නම් මෙම මාධ්‍යවේදියා සමග ඔහුගේ ආරක්ෂකයා ද ඝාතනය කර ඇති බව මෙක්සිකෝහි මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මොරුගරස් 2016 වසරේදී ද ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත් අයෙකි.

මාධ්‍යවේදියාට වෙඩිතබා ඇත්තේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
ගුවෙරේරෝ, මෙක්සිකෝවේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රාන්තයන්ගෙන් එකකි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මෙක්සිකෝවේදී මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site