
ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිය ගණනකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍ය හමාඞ් හසාන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර තිබිණි.
බීරූට් වරාය පරිශ්‍රයේ මෙම දැවැන්ත පිපිරුම සිදුව තිබෙන අතර ඉන් නගරයේ ස්ථාන රැසක පිහිටි ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදු ව තිබේ. මෙම පිපිරීමෙන් කිලෝමීටර ගණනක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගොස් ඇතැයි ද වාර්තා වේ.
මෙම පිපිරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
රොයිටර් / ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා දියුණු වෙලාලු. මොන දියුණුවක්ද ? නමට පමණක් මනසින් උසස් ... ඒත්, ක්‍රියාවෙන් නම්, තිරිසන් සතුන්ටත් එහා ...