IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


කොරෝනා තරුණ පරපුරෙන් පැතිරයාමේ වැඩි අවදානමක්


කොරෝනා වයිරසය තරුණ තරුණියන්ගෙන්  පැතිර යෑමේ වැඩි අවදානමක් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

පසුගිය දිනවල රටවල් කිහිපයකින්ම වයිරසයේ දෙවැනි රැල්ලක අවදානමක් දක්නට ලැබුණු බවත් රටවල් රැසක වයිරසය නැවත පැතිර ගොස් තිබෙන්නේ තරුණ ප්‍රජාවගෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

තරුණ ප්‍රජාව වයිරසයෙන් ආරක්ෂා වීමේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අත්හරිමින් සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.

“තරුණ ප්‍රජාව සුවිශේෂී හෝ අනභීභවනීය පිරිසක් නෙමෙයි”  විඩියෝ තාක්ෂණය ඔස්සේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ (30) පැවැති මාධ්‍ය හමුව අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීය.

“තරුණ ප්‍රජාවට මේ වයිරසයේ අවදානම ගැන ඒත්තු ගැන්වීම විශාල අභියෝගයක් වෙලා” තරමක පසුතැවීමක් ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීවේය.

“පසුගිය දින රටවල් රැසකින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වුණා. ඒ රටවල් බොහෝමයක වයිරසය පැතිර ගොස් තිබෙන්නේ තරුණ ප්‍රජාවගෙන්. තරුණ ප්‍රජාව වයිරසයෙන් ආරක්ෂා වීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමටත් ගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග නොසලකා හැරලා” වෛද්‍ය ටෙඩ්‍ර්‍රෝස් අදනොම් කීය.

විශේෂයෙන්ම රාත්‍රී සමාජ ශාලා වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කටයුතු පිළිබඳ මාරියා වැන් කක්හෝව් ප්‍රකාශ කළාය.


රොයිටර්
055



අදහස් (0)

කොරෝනා තරුණ පරපුරෙන් පැතිරයාමේ වැඩි අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site