IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


තායිවානයේ හිටපු ජනාධිපති ලි තෙන්ග් හුයි මියයයි

තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සලකනු ලැබූ එරට හිටපු ජනාධිපති ලි තෙන්ග් හුයි මහතා මියයයි.

තායිවානයේ පැවති අත්තනෝමතික පාලනය අවසන් කිරීමට කැපවී ක්‍රියා කිරීමේ ගෞරවය හුයි මහතාට හිමිවේ.

මියයන විට ඒ මහතා 97 වැනි වියේ පසුවිය.

1988 වසරේ සිට 2000 වසර දක්වා ඔහු තායිවානයේ ජනාධිපති ධූරය හෙබවීය.

මාස 6 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු අවයව අකර්මණ්‍ය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ

තායිවානය චීනයෙන් වෙන්ව පවත්වාගෙන යාම සඳහා ඔහු උත්සාහ දැරිය.

සිය පාලන සමයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ඔහු මූලකත්වය ගෙන ක්‍රියා කළ අතර සෘජුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ගෙන ආ ප්‍රතිසංස්කරණ ද එහිදී වැදගත් වේ.

තායිවානයේ අභිමානය සහ අනන්‍යතාව ගොඩනගමින් ප්‍රජානත්ත්‍රවාදය ඇති කිරීමට හුයි මහතා අඩිතාලම දැමූ බව අභාවය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් තායිවානයේ වත්මන් ජනපති සායි ඉන්ග් වෙන් මහතා සඳහන් කළේය.  

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (0)

තායිවානයේ හිටපු ජනාධිපති ලි තෙන්ග් හුයි මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site