IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


අඟහරු ග්‍රහයාගේ අතීත ජීවය සොයන යානයක් අභ්‍යාවකාශයට

අමෙරිකාවේ නාසා ආයතනය අගහරු ග්‍රහයා මතට යවන නවතම රෝවර් යානය රැගත්  ඇට්ලස් 5 රොකට් යානය මීට සුළු මොහොතකට පෙර ෆ්ලොරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන් අභ්‍යාවකාශ ගතකරනු ලැබීය.

අඟහරු ග්‍රහයාගේ අතීත ජීවය ගවේෂණය කෙරෙන මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් වැය කෙරේ.

මෝටර් රථයක විශාලත්වයට සමාන මෙම රෝවර් යානය රෝද 6 කින් සමන්විත වන අතර එය කුඩා හෙලිකොප්ටර් යානයක් මඟින් අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබැස්වීමට සැලසුම් කර ඇත.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී යානය අඟහරු වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නාසා ආයතනය සිදුකරන 9 වැනි අඟහරු මෙහෙයුම මෙය වන අතර මෙම මාසයේ ක්‍රියාත්මක කළ තෙවැනි අඟහරු මෙහෙයුම මෙය වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ද මෙම මාසයේ දී අඟහරු වෙත මෙහෙයුම් ක්‍රියාවට නංවනු ලැබීය.

-226-

(රොයිටර් ඇසුරෙනි)

 



අදහස් (0)

අඟහරු ග්‍රහයාගේ අතීත ජීවය සොයන යානයක් අභ්‍යාවකාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site