IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා වසංගතයෙන් පීඩාවිඳින ඉන්දියාවට ප්‍රංශයෙන් උදව්

කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් ඉන්දියානු වැසියන්ට සහනයක් සැලසීමේ අරමුණින් යුරෝ මිලියන 200 ක වටිනාකමකින් යුතු වෛද්‍යාධාර සහ අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ රැසක් ඉන්දියාවට පරිත්‍යාග කිරීමට ප්‍රංශය පියවර ගෙන ඇත.

මෙලෙස ලබා දුන් උපකරණ තොගය අතරට ශ්වසන ආධාරක යන්ත්‍ර 120 ක්, ආරක්ෂික ඇඳුම් කට්ටල 50,000 හා සාම්පල එකතුකිරීමේ උපකරණ 50,000 අයත් වන බවද සඳහන් වේ.‍

ප්‍රංශ සහ ඉන්දියානු රාජ්‍ය නායකයින් අතර ඇතිකරගත් එකඟතාවකට අනුව උපකරණ තොගය ලබා දී ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අතර සිදුකෙරුණු ලිපි හුවමාරුවකින් අනතුරුව ගතවූ සතියේදී මෙම තීන්දුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ උපකරණ තොගය ඉන්දියාවේ ප්‍රංශ තානාපතිවරයා අතින් ඉන්දීය රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කර තිබේ.

කොවිඩ් ගෝලීය වසංගතයෙන් වැඩි වශයෙන්ම පීඩාවටපත් වූ රටක් ලෙස සැලකෙන ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 1.58 ක් හමූ වී තිබේ.

125

 



අදහස් (0)

කොරෝනා වසංගතයෙන් පීඩාවිඳින ඉන්දියාවට ප්‍රංශයෙන් උදව්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site