තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි තායිලන්තයේ 5ජී (5G) තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය ප්රායුත් චාන් ඕ චා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර ඇත. 31 May 2020
වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. 31 May 2020
ඇමෙරිකාවේ නගර 17ක 1,400ක් පොලිස් අත්අඩංගුවට සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩතේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ නගර 50කට වැඩි ගණනකට පැතිර ගොස් ඇත. 31 May 2020
මිනසෝටා ප්‍රාන්තයේ විරෝධතා ආවරණය කිරීමට ගිය වාර්තාකරුවන්ට පොලිසියෙන් රබර් උණ්ඩ ප්‍රහාරයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පැවැත්වෙන විරෝධතා ආවරණය කිරීමට ගිය රොයිටර්ස් ටීවී පුවත් සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු පොලිසියේ රබර් උණ්ඩ ප්‍රහාරයකට ලක්ව ඇත. 31 May 2020
ජී -7 සමුළුව කල්දමයි ජී -7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි. 31 May 2020
විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ. 30 May 2020
ඇමරිකාවේ කළු ජාතිකයාගේ මරණයට ජනතා විරෝධය ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ. 29 May 2020
කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 May 2020
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (29) වාර්තා කළේය. 29 May 2020
‘හොංකොං’ නව ආරක්ෂක නීතිවලට චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 28 May 2020
‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය. 28 May 2020
ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත පහකට කඩා වැදී ඇත. 28 May 2020
දිල්ලි නුවර දැඩි උණුසුම් කාලගුණයක් ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. 27 May 2020
සවුදි අරාබියේ අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් 06දෙනකු මරුට සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 27 May 2020
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය. 27 May 2020
ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද පිටියේ තුවාල ලබා මියගිය අය මෙන් දෙගුණයක් යැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 25 May 2020
කියුබාව රහසක් හෙළි කරයි කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී. 25 May 2020
'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා' ඇමෙරිකා එක්සත් ජනපදය’’ චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවසීය. 24 May 2020
මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ. 24 May 2020
තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. 24 May 2020
අම්ෆන් සුළි කුණාටුවෙන් 102ක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 23 May 2020
පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 23 May 2020
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ වෙයි. 22 May 2020
බොලිවියානු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට ඉහළ මිලක් ගෙවමින් ස්වසන සංවාතන යන්ත හෙවත් හුස්ම ගැනීම පහසු කරවන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍ය මර්සෙලෝ නවාස් එම ධුරයෙන් නෙරපා දැමීමට බොලිවියානු නිලධාරීන් පියවර ගෙන ඇත. 21 May 2020
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක් ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 20 May 2020
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 20 May 2020
සිංගප්පූරුවේ විනිසුරුවරයෙක් ‘සූම්’ ඇමතුමකින් මරණ දඬුවම නියම කරයි මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට සම්බන්ධව වරදකරු වූ තැනැත්තකුට සිංගප්පූරු විනිසුරුවරයකු විසින් ‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔස්සේ කළ නඩු විභාගයකින් පසුව මරණ දඬුවම නියම කරනු ලැබ ඇත. 20 May 2020
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත. 18 May 2020
ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි චීනයේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද අලුයම සොයාගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිසිය පවසයි. 17 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 May 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026