IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


‘ඇමෙරිකානු කලාපය තුළ වයිරසය පැතිර යෑමේ අඩුවක් නෑ‘

ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමේ අඩුවක් දක්නට නැතැයි "පෑන් ඇමෙරිකන්" සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි .
 
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය යන රටවලට අමතරව බොලීවියාව, ඉක්වදෝරය, කොලොම්බියාව සහ පේරු යන රටවලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද වේගයෙන් ඉහළ යන බව එම සංසංවිධානය පෙන්වාදෙයි.
 
"පෑන් ඇමෙරිකන්" සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකානු කලාපයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ස්ථාපිත කළ සංවිධානයකි. එහි මූලස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද අනුබද්ධ මෙම සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ , ඇමෙරිකානු කලාපය සඳහා වන කලාපීය ශාඛාව ලෙස ද කටයුතු කරයි.
 
මධ්‍යම ඇමෙරිකානු කලාපයේ රටවල්වලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා එම සංවිධානය පෙන්වාදෙයි .
 
නව කොරෝනා වයිරස වසංගතය ලොවපුරා පැතිර යෑම ආරම්භ වීමත් සමඟ ඇමෙරිකානු කලාපයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ද පසුගිය සතියක කාලයේදී ය.
 
ඇමෙරිකානු කලාපය තුළ බෝවන රෝග පැතිර යෑමේ දැඩි අවදානමත් කලක් තිස්සේ පවතින රෝගී තත්ත්ව (නිදන්ගත රෝගී තත්ත්ව) නිසාත් පුද්ගලයන් 10 දෙනකුගෙන් තිදෙනෙකුට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් තිබෙනවා.
 
 ඒ අනුව, එනම් මිලියන 325 කට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් ඇතැයි එම සංවිධානය පෙන්වාදෙයි.
 
  රොයිටර් 
 056

 



අදහස් (0)

‘ඇමෙරිකානු කලාපය තුළ වයිරසය පැතිර යෑමේ අඩුවක් නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site