IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාස ගණනකට පසු බ්‍රිතාන්‍යයේ අමාත්‍යවරු මුහුණට මුහුණ හමුවෙති

මාර්තු මස 17 වැනිදායින් පසු පළමු වරට කැබිනට් හමුවක් ලන්ඩන් නුවර, ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (21) පැවැත්විණි.

 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් හමුව පැවැත්වුණු අතර බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ මන්ත්‍රීවරුන් මුහුණට මුහුණ හමු වී කැබිනට් හමුවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.

 

නව කොරෝනා වයිරසය නිසාත් ඒ හේතුවෙන් පැනවූ සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර නිසාත් බොහෝ පරිපාලන රැස්වීම් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

 

නව කොරෝනා වයිරසය හේතුවෙන් කඩාවැටුණු ආර්ථිකය නැවත ගොඩගැනීම සහ රටේ අනෙකුත් අංශ නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම කැබිනට් හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විණි.

 

සතිපතා පැවැත්වෙන කැබිනට් රැසක් අවලංගු වූ අතර ඇතැම් ඒවා විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, එරට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ඉහළ පෙළේ නිලධාරීන් රැසකට ද නව කොරෝනා වයිරසය ආසාදනය විය.

 

කෙසේ නමුත් නැවත රැකියාවලට පැමිණෙන්නැයි ද නැවතුණු කටයුතු නැවත ආරම්භ කරන්නැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගිය සති කිහිපයේදී පැවසීය.

 

නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකය දැනටමත් දැඩි පසුබැසීමකට ලක්ව ඇත. වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් තවදුරටත්, එනම් දීර්ඝකාලීන විලොක්ඩවුන්’ සීමා පැනවුවහොත් ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්වනු ඇතැයි පැවසේ.

 

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් මාස කිහිපයකට ආසන්න කාලයක් මිලියන ගණනක් නිවෙස්වලට කොටු වී සිටියහ.

 

කැබිනට් හමුවට සහභාගී වීමට පෙර සියලු අමාත්‍යවරුන් ඔවුන්ගේ දෑත් පිරිසිදු කර ගත යුතව තිබූ අතර සෑම අමාත්‍යවරයකුටම වෙන වෙනම වතුර බෝතලය බැගින් ලබාදුන්නේය. අමාත්‍යවරුන් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ද අත්‍යවශ්‍ය විය.

 

සාමාන්‍යයෙන් කැබිනට් හමුව පැවැත්වෙන්නේ ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටි කැබිනට් හමු පැවැත්වෙන කාමරයේ ය. එහෙත් මෙවර කැබිනට් හමුව පැවැත්වූයේ විදේශ අමාත්‍යාංශයට අයත් කාර්යාලයේ පිහිටි විශාල කාමරකය.

 

විදේශ අමාත්‍යාංශයට අයත් කාර්යාලය පිහිටා ඇත්තේ ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයට විරුද්ධ පසය. ඇතැම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ ඩව්නින් වීදියේ මාර්ගය හරහා අනෙක් පසට යන අයුරු ද දක්නට ලැබිණි.

 

වයිරසයේ ව්‍යාප්තිය සඳහා පැනවූ සීමා ඉතා ඉක්මනින් ලිහිල් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. පොදු ප්‍රවාහනයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර බොහෝ පිරිසකට රැකියාවලට පැමිණීමට නොහැකි වී ඇත්තේ ද ඒ නිසාය. ඒ අනුව පොදු ප්‍රවාහනයට පැනවූ සීමා ලබන මාසය වනවිට ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව බලාපොරොත්තු වේ. හැකි සෑම අවස්ථාවකදීම ප්‍රවාහනය, ගමනාගමනය සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කරන්නැයි ද බ්‍රිතාන්‍ය බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

 

රොයිටර්

055



අදහස් (0)

මාස ගණනකට පසු බ්‍රිතාන්‍යයේ අමාත්‍යවරු මුහුණට මුහුණ හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site