අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඉන්දියාවෙන් අද (23) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 45,720ක් වූ අතර එය ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද විය. එම ගණනත් සමඟ එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 12,38,635ක් දක්වා ඉහළ ගියේය.
එරට විවිධ රෝහල්වල ප්රමතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන 4,26,167ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 7,82,607ක් වේ.
ඉන්දියාවෙන් අද දිනයේදී වයිරස ආසාදිත මරණ 1,129ක් වාර්තා වූ අතර එම ගණනත් සමඟ එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 29,861ක් දක්වා ඉහළ ගියේ ය.
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්රාොන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්රඩ ප්රා්න්තය යි. එම ප්රාේන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 3,37,607කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 1,86,492ක් ද කර්නාටක ප්රාින්තයෙන් ආසාදිතයන් 75,833ක් ද වාර්තා වේ.
ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 2,67,428ක් වන අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 2,13,254ක් වේ.
එන්.ඩී.ටීවී.
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඉන්දියාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂය ඉක්මවයි