සිව්වැනි දිනටත් ඇමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. ඒ අනුව වෛරසය හේතුවෙන් අලුතින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1019 වේ. පසුගිය අඟහරුවාදා මරණ 1141 ක්, බදාදා දිනයේ මරණ 1135ක් හා බ්‍රහස්පතින්දා දිනයේ මරණ 1140ක් ද වාර්තා විය.
මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ වෛරසයේ වැඩිම බලපෑමට ලක්වී ඇති ඇරිසෝනා , කැලිෆෝනියා , ෆ්ලොරිඩා හා ටෙක්සාස් යන ප්‍රාන්ත වලිනි.
ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 45,762ක් වේ. අලුතින් හඳුනාගැනුණු ආසාධිතයන් 68,800 කට අධික සංඛ්‍යාවත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.1 ඉක්මවා ඇත.
මේ අතර පාසල් නැවත විවෘත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඊට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ ළමයින්ගේ කායික හා මානසික යහපැවැත්මට සහ දෙමව්පියන්ට රැකියාවන් සඳහා පිටවයෑමේ පහසුවට එය වැදගත් බවයි.
-226-
රොයිටර් ඇසුරෙනි
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඇමෙරිකාවේ සිව්වැනි දිනටත් මරණ 1000 ඉක්මවයි