
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙසෙන 15 හැවිරිදි සිසුවියකට බලාපොරොත්තු නොවූ දඬුවමක් එහි අධිකරණයක විනිසුරුවරයෙක් ලබා දී තිබේ.
ඒ කොරෝනා වෛරසය හේතුවෙන් අධ්‍යාපන කටයුතු අකර්මන්‍යව පැවති සමයේ අන්තර්ජාල මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පැවරූ පාසල් වැඩ නොකිරීම නිසා ඇයව බාලවයස්කාරයන් රඳවා තබන මධ්‍යස්ථානයකට යැවීමෙනි.
නමුත් එම තීරණයට එරෙහිව පාසල් ළමුන් විශාල පිරිසක් ඇයගේ පාසල ඉදිරිපිට එක්වී විරෝධය පෑ බව වාර්තා වේ.
එම අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් සහිත දැරිය මැයි මස සිට බාලවයස්කාරයන් රඳවා තබන මධ්‍යස්ථානයක රඳවා ඇති බව පැවසේ.
ඇයගේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට මිචිගන් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වී තිබේ.
(125)
( ඒ.බී.සී සෙවන් වෙබ් අඩවිය ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවානේ ඇමරිකාවේ නීතිය පොතේ අනුවද, නැත්නම් නඩු අසන විනිසුරුගේ අභිමතය පරිදිද කියලා හිතන්න වෙනවා. ඇමරිකාවෙී නීතිය මානුෂිකත්වය, ප්‍රායෝගිකත්වය වැගේ දේවල් මගහැරෙමින් පුද්ගලවාදී තීන්දු එළියට එන බවක් පේන්නේ. විරුද්ධව හඬක් නැගේවිදැයි සැකයක් ඇතිවෙනවා.