
ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව ආසාදිතයන් සියය ඉක්මවා වාර්තා වීමත් සමඟ මෙල්බර්න් නුවර වැසියන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇත.
නව සෞඛ්‍යාරක්ෂිත නීතිරීති සමඟ මෙල්බර්න් නුවර වැසියන් නිවසින් පිටතට යෑමේදී අනිවාර්යෙන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර එසේ නොකරන පුද්ගලයන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 200 (ඇමෙරිකානු ඩොලර් 140) දඩයක් නියම වේ.
වික්ටෝරියා ප්‍රාන්තය ජූලි 9 වැනිදා සිට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පනවා ඇති අතර ඉරිදා දිනයේදී පමණක් එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 363කි. ඊට පෙර දිනයේදී එම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 217ක් විය.
ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,800ක් වන අතර එය ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනටත් අඩුය. කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ වයිරසය පැතිර යෑමට පටන් ගෙන ඇති ප්‍රජාව තුළ වයිරසය පැතිර යෑමට පටන් ගෙන තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත බලධාරීන් නැවත වරක් දැඩි සීමා පනවා ඇත.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd