IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


යුක්රේනයේ පුද්ගලයෙකු බස් රථයක සිටි 20 ක් ප්‍රාණ ඇපයට ගනී

යුක්රේනයේ බටහිර ලුට්ස්ක් නගරයේ දී ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු විසින් බස් රථයක ගමන්ගත් 20 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි බලධාරීහු පවසති.
 
එහිදී වෙඩි තැබීමක් ද සිදුකර ඇති නමුත් තුවාල ලැබූවන් සම්බන්ධ තොරතුරු වාර්තා වී නොමැත.
 
ආයුධ සන්නද්ධ පුද්ගලයා තමා සතුව බෝම්බයක් ඇති බව පවසමින් බස් රථයේ සිටි පිරිස බිය වද්දා ඇතැයි යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් හෙරෂ්චෙන්කෝ පවසයි.
 
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය. 
 
ත්‍රස්ත මර්දන බලකාය විසින් බස්රථය සහ නගරය වටකර ආරක්ෂක විධිවිධාන තරකර ඇති අතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස් හෝ කාර්යාල හැර නොයන ලෙස දැනුම් දී තිබේ.
 
ආයුධ සන්නද්ධ පුද්ගලයාට අවශ්‍ය කුමක්ද යන්න පැහැදිලි නැති බව පොලිසිය පවසන අතර ඔහු සමඟ දුරකථනයෙන් කථා කිරීමට ගත් උත්සාහයන් ද ව්‍යර්ථ වී ඇත.
 
යුක්රේන ජනාධිපති ව්ලද්මියර් සෙලෙන්ස්කි පවසා සිටියේ අනතුරකින් තොරව ප්‍රශ්නය විසඳීමට සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

යුක්රේනයේ පුද්ගලයෙකු බස් රථයක සිටි 20 ක් ප්‍රාණ ඇපයට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site