මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය කිරීම සහ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි බෙදීමක් ඇති වී තිබේ.
ඇමෙරිකාවෙන් දිනපතා වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙන මොහොතක මෙම අර්බුදය නිර්මාණය වී ඇත.
ජනපද බලධාරීන් සහ ඊට පහළින් සිටින බලධාරීන් එකිනෙකට පරස්පර නියෝග ලබාදෙන අයුරු ද දක්නට ලැබිණි.
ඇතැම් නිලධාරීන් මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය කරද්දී තවත් නිලධාරීහු පිරිසක් එසේ අනිවාර්ය නැතැයි කියති. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනි තත්ත්වයකි.
මේ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව දෙවැනි දිනටත්, දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයින්ගේ ගණන සිකුරදා (17) වන විට 70,000 ඉක්මවා ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිකුරාදා වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයින්ගේ ගණන 70,674ක් ලෙස දැක්විණි.
ඇමෙරිකාවෙන් එදින වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 912 ක් ලෙස සටහන්ව තිබිණි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd