
ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් නගරයේ පැවති වර්ගවාදයට එරෙහි විරෝධතා මැඩපැවැත්වීමට යෑමේදී පොලිස් නිලධාරීන් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විරෝධතාකරුවන් වාහන හා දේපල වලට අලාභහානි සිදුකිරීම හේතුවෙන් ඔවුන් පලවාහැරීමට ගම්මිරිස් ඉසීමටත් සහ අත්බෝම්බ භාවිතා කිරීමටත් සිදුවූ බව බලධාරීහු පවසති.
කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 45 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකාව පුරා නගරවල කළු ජාතිකයන්ට සිදුවන අසාධාරනකම් වලට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර පෝට්ලන්ඩ් නගරයේද දරුණු ගැටුම් ඇතිවී තිබේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේදී විරෝධතා පාගමන් අතරතුර එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවද පොලිසිය පවසයි.
ප්‍රාන්ත නායකයින්ගේ විරෝධය නොතකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට ෆෙඩරල් නියෝජිතයන් යෙදවීම ගැටුම් උත්සන්න වීමට හේතුවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd