මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද (23) වාර්තා විය.
ඒ අතරවාරයේදී ඔස්ට්‍රේලියාවේ දෙවැනියට විශාලම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වෙමින් තිබේ.
එම ප්‍රාන්තයෙන් අවසන් පැය 24 ක කාලයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 403 ක් විය.
අවසන් පැය 24 ක කාලයේදී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන පහකි.
එම මරණ ගණන පසුගිය අප්‍රේල් මාසයෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන වේ.
ඔස්ට්‍රේලියාවෙන් අද වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 13,000කට ආසන්න වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 128 ක් ලෙස දැක්වේ.
රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණ පහක්
Sujivadisanayaka Thursday, 23 July 2020 02:31 PM
හොඳ දෙයක්... සිංහල පුවත් එවන එක අපිට කියවා ගන්න ලේසියි.