
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථම වරට අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අද (20) රොකට් යානාවක් අභ්‍යාවකාශ ගත කෙරිණි.
එම ගවේෂණ යානය රැගත් h 2 a රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණේ ජපානයේ ටැනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
අඟහරු ග්‍රහයා බලා කිලෝමීටර් මිලියන 500 ක චාරිකාවක නිරත එම යානය අඟහරු ග්‍රහායාගේ කාලගුණ සහ දේශගුණික තත්ත්වයන් අධ්‍යනය කිරීමට නියමිත යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ බලධාරීන් කියා සිටිති.
පසුගිය සතියේ එම යානය අභ්‍යවකාශ ගත කිරීමට අවස්ථා දෙකකදී උත්සහ කළද අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය.“හෝප්” ලෙස හඳුන්වන මෙම යානය 2021 පෙබරවාරී මාසයේදී අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට නියමිත ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිහිටුවීමේ 50 වන සංවත්සරයට සමගාමීව එය අභ්‍යවකාශ ගත කෙරිණි.මේ මාසය තුළදී අඟහරු ගවේෂණ මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
අනෙක් මෙහෙයුම් දෙක ක්‍රියාත්මක කරනු ලබන්නේ අමෙරිකාව සහ චීනයයි.
අභ්‍යවකාශ යානා නිර්මාණය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යට ඇති අත්දැකීම් සීමිතව තිබියදී මෙවැන්නක් සිදු කිරීම සුවිශේෂී සිද්ධියක් වේ.
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි
(125)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවටම ආඩම්බරයක්, සුබ පැතුම්.!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ධන බලය තිබුනට වැඩක් නැහැ, දුප්පත් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යානයක් උඩු ගුවනට යවල අවුරුදු දහයකටත් පස්සෙ තමයි එහෙම දෙයක් කරන්න පුළුවන් වුනේ.
අභ්‍යවකාශය ගැන සිතන්නේ අතිශයින්ම දියුණු මිනිසුන්. එයට ධනය තිබ්බාට පමණක් මදි. මේ අරාබි ලෝකයේ වැඩ කරන සමහර කාන්තාවන්ට යටිපතුල් වලට ඇණ ගසා මරා ඔවුන්ගේ රටවල් වලට යවනවා. තට්ටු ගණන් උඩින් අසරණ කාන්තාවන් තල්ලු කොට මරා දමා පැන්නා කියනවා. සත්ව ඝාතනය කළත් එය කරන්නෙත් සතාට අමානුෂික වද දීලයි. ඔය රටවල් වල සිට පැමිණි අය කියනවා බොහෝ අය දත් මදින්නේ සතියකට පමණ පසුවලු. අපිරිසිදුකමේ සීමාවක් නැහැ මෙවන් නොදියුණු මිනිසුන් ලෝකේ අනිත් රටවල් කළ පලියට මුදල් වියදම් කොට අභ්‍යවකාශය තරුණය කළාට ඒ හැටි වැදගත් කමක් නෑ. ඉස්සෙල්ලාම මිනිසුන් වශයෙන් ශිෂ්ට විය යුතුයි. ශිෂ්ට නැති මිනිසුන්ට අධ්‍යාත්මික වශයෙන් දියුණුවීමට බැහැ..