IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


දශක දෙකකට පසු දකුණු කොරියානු ආර්ථිකය පහළ වැටේ

නව කොරෝනා වයිරසය හේතුවෙන් දශක දෙකකට පසු දකුණු කොරියාවේ ආර්ථිකය දරුණු පසුබැසීමකට මුහුණ දී ඇත.

 

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' හේතුවෙන් දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.9 කින් පහළ වැටී ඇත.

 

දකුණු කොරියාව ආසියාවේ සිව්වැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියයි. අපේක්ෂා නොකළාට වඩා වැඩි අගයකින් ආර්ථිකය පහත වැටී තිබෙන අතර දකුණු කොරියානු ආර්ථිකය මෙතරම් අගයකින් පහළ වැටී ඇත්තේ 1998 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.

 

දකුණු කොරියානු ආර්ථිකයෙන් 40% කට හිමිකම් කියන්නේ එරට අපනයන ක්ෂේත්‍රය යි. නව කොරෝනා වයිරසය හේතුවෙන් එරට අපනයන දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති අතර 1963 වසරෙන් පසුව එරට අපනය ක්ෂේත්‍රය එලෙස කඩා වැටුණු පළමු අවස්ථාව එයයි.

 

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ජපානයේ සහ සිංගප්පූරුවේ ආර්ථිකය ද දරුණු ආර්ථික පසුබැසීමකට ලක්ව ඇතැයි පසුගිය සතිවල නිකුත් වූ නිල සංඛ්‍යා දත්තවලින් පෙනීගොස් ඇත.

 

කෙසේ නමුත් ඉතා ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි දකුණු කොරියාවේ මුදල් අමාත්‍ය හොන්ග් නාම් කී සුබවාදී බලාපොරොත්තු තබා ඇත.

 

රොයිටර්

055



අදහස් (0)

දශක දෙකකට පසු දකුණු කොරියානු ආර්ථිකය පහළ වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site