
නව කොරෝනා වයිරසය හේතුවෙන් දශක දෙකකට පසු දකුණු කොරියාවේ ආර්ථිකය දරුණු පසුබැසීමකට මුහුණ දී ඇත.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' හේතුවෙන් දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.9 කින් පහළ වැටී ඇත.
දකුණු කොරියාව ආසියාවේ සිව්වැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියයි. අපේක්ෂා නොකළාට වඩා වැඩි අගයකින් ආර්ථිකය පහත වැටී තිබෙන අතර දකුණු කොරියානු ආර්ථිකය මෙතරම් අගයකින් පහළ වැටී ඇත්තේ 1998 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.
දකුණු කොරියානු ආර්ථිකයෙන් 40% කට හිමිකම් කියන්නේ එරට අපනයන ක්ෂේත්‍රය යි. නව කොරෝනා වයිරසය හේතුවෙන් එරට අපනයන දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති අතර 1963 වසරෙන් පසුව එරට අපනය ක්ෂේත්‍රය එලෙස කඩා වැටුණු පළමු අවස්ථාව එයයි.
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ජපානයේ සහ සිංගප්පූරුවේ ආර්ථිකය ද දරුණු ආර්ථික පසුබැසීමකට ලක්ව ඇතැයි පසුගිය සතිවල නිකුත් වූ නිල සංඛ්‍යා දත්තවලින් පෙනීගොස් ඇත.
කෙසේ නමුත් ඉතා ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි දකුණු කොරියාවේ මුදල් අමාත්‍ය හොන්ග් නාම් කී සුබවාදී බලාපොරොත්තු තබා ඇත.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd