IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෞදියේ සල්මාන් රජු රෝහල් ගත කරයි

සෞදි අරාබියේ සල්මාන් රජු පිත්තාංශයේ ඇති වූ ඉදිමුමක් හේතුවෙන් අද (20) රෝහල් ගත කළේය.
 
මේ හේතුවෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ද කල් දැමීමට සිදුව තිබේ. සල්මාන් රජු 2015 වසරේ සිට සෞදි අරාබිය පාලනය කරයි.

සෞදි අරාබිය යනු ලොව විශාලතම තෙල් අපනයනය කරන රට වන අතර අරාබි කාලපයේ විශාලතම ආර්ථිකය ද වේ.

‘‘සල්මාන් රජු ල රියාද් නුවරිකින්ග් ෆයිසාල්’ රෝහලට ඇතුළත් කළාග ඔහුගේ පිත්තාශයේ ඉදිමුමක් ඇතිවෙලා තියෙනවාග රජු වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කිරීමට නියමත’’ යැයි රජ මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ නමුත් එහි ඊට වඩා වැඩි විස්තරයක් නොදැක්විණි.

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා කදේමි අද (20) සෞදි අරාබියේ සංචාරයක නිරත වීමට නියමිතව තිබූ අතර සල්මාන් රජු රෝහල් ගත කිරීමත් සමඟ එම සංචාරය අවලංගු කර ඇත.

‘‘ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයක ඉතා වැදගත් සංචාරයක්ග එය සාර්ථක සංචාරයක් බවට පත් කර ගත යුතුයිග රජු රෝහල් ගත කිරීමත් සමඟ අපි මෙම සංචාරය කල්දැමීමට තීරණය කළාග අපේ නායකත්වයත් ඉරාකයේ අපේ සහෝදරවරුත් එක්ව එය තීරණය කළා.

රජු රෝහලෙන් නික්මෙන තුරු අපි මෙම සංචාරය කල්දමනවා’’ යැයි සෞදි විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් කුමරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මුස්තාෆා කදේමි ඉරාකයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු විදෙස් සංචාරය ලෙස ඔහු මෙලෙස සෞදි අරාබියට පැමිණීමට නියමිතව තිබිණි.

‘‘මෙම සංචාරය කල්දැමීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළාග ඉදිරි දිනයකදී මෙම සංචාරය සිදුවෙනවා’’ යැයි ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉරාක අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර එරට තෙල්ල මුදල්ල විදුලිබල සහ සැලසුම් යන අමාත්‍යවරු ඉරිදා (19) සෞදි අරාබියට පැමිණියහ.

එම සාකච්ඡා අද දිනයේදී අවසන් වීමට නියමිත අතර එම අමාත්‍යවරුන් සියලු දෙනා නැවත ඉරාකයට පැමිණීමට නියමිතය.
 
සෞදියේ සල්මාන් රජුගේ පාලනය යටතේ සෞදි අරාබිය තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු වු අතර කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් ද හිමිවියග එමෙන්ම එම පාලනය යටතේ සෞදිය තරමක දැඩි විදෙස් ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේය.

එපමණක් නොව සෞදිය මේ වනවිට අසල්වැසි යේමනය සමඟ යුද්ධයකට ද පැටළී ඇත.

අර්ධ සොහොයුරකු වූ අබ්දුල්ලා රජුගේ අභාවයත් සමඟ සල්මාන් රජු,  ඔටුන්න හිමිකරගත්තේ ය.

සල්මාන් රජුල රජකම අත්හැර ඔහුගේ බාල පුත් මොහොමඩ් බින් සල්මාන් ට රජකම ලබාදීමට සූදානම් වන බව 2017 වසරේදී වාර්තා වියග එහෙත් සල්මාන් රජු එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් සෞදියේ ඔටුන්න හිමි කුමරු වන්නේ මොහොමඩ් බින් සල්මාන් කුමරු යග සල්මාන් රජු සිටියද රටේ තීන්දු තීරණ ගන්නේ මොහොමඩ් බින් සල්මාන් කුමරු යැයි ද පැවසේ.

ඒ.එෆ්.පී
 
055

 



අදහස් (0)

සෞදියේ සල්මාන් රජු රෝහල් ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site