
මැලේසියාවේ ලැන්කාවි දූපත දෙසට පිහිනමින් සිටි රෝගින්ග්‍යා සරණාගතයින් 24 දෙනකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති.
රෝහිනග්‍යා සරණාගතයින් 25 දෙනකු බෝට්ටුවකින් පැමිණ ඇති නමුත් වෙරළට පැමිණියේ එක් සරණාගතයෙකු පමණක් බව මැලේසියානු වෙරළාරක්ෂක භටයින් පවසා තිබේ.
ඉතිරි 24 දෙනා වෙරළට පිහිනීමට උත්සාහ කිරීමේ දී අතුරුදන්ව ඇතැයි ද ඔවුන් මුහුදේ ගිලී මියයන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
බෝට්ටු දෙකක් සහ එක් ගුවන් යානයක් සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර සෝදිසි මෙහෙයුම් සඳහා සහාය වන ලෙස තායිලන්ත බලධාරීන්ට ද දැනුම් දී ඇත.
ප්‍රශ්න කිරීම සඳහා වෙරළට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති නමුත් බෝට්ටුවට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය වී නොමැත.
පසුගිය මාසයේදී ලැන්කාවි දූපත වෙත පැමිණි රෝහිනග්‍යා වැසියන් 269 දෙනකු රඳවා ගෙන ඇත.
මැලේසියාව සරණාගතයින් පිළිනොගන්නා අතර කොරෝනා වයිරසයෙන් ආර්ථිකය අඩපන වී ඇති හෙයින් තවදුරටත් රෝහිනග්‍යා වැසියන්ට සරණාගත භාවය ලබාදීමට නොහැකි බව අගමැති මුහයිඩීන් යසීන් පවසා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියාව දෙසට පිහිනමින් සිටි රෝහිනග්‍යා සරණාගතයින් 24 ක් අතුරුදන්