නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේදී පසුගිය මාසයේ පැහැරගෙන ගිය ස්වෙච්ඡා සේවකයින් පස්දෙනා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
නයිජීරියානු බලධාරීන් පවසන්නේ ජිහාඩ් සටන්කරුවන් විසින් මොවුන් පැහැරගත් බවයි.
මෙම ස්වෙච්ඡා සේවකයින් මානුෂීය ආධාර සංවිධාන ඇතුළු ආයතන කිහිපයක සේවය කරමින් සිටියදී පැහැරගත් බව නයිජීරියානු ජනාදිපතිවරයා සනාථ කර තිබේ.
ඔහු බෝකෝහරාම් සංවිධානයට දොස් පැවරූ අතර ඝාතකයින් නීතිය හමුවට පමුණුවන බවද පැවසුවේය.
කළාපයේ ආධිපත්‍ය දරන ඉස්ලාමීය කණ්ඩායම් වල ඉතිරිව ඇති කොටස් අතුගා දමන බවට ද ඔහු ප්‍රතිඥා දී ඇත.
නයිජීරියාවේ එක්සත් ජාතීන්ගේ සමිබන්ධීකාරක එඩ්වඩ් කලන් පැවසුවේ "උදව් කිරීමට උත්සාහ ගන්නා අයට පහර දී මරා දැමීම පිළිගත නොහැකි " බවයි. කෙසේ වුවද මෙවැනි සිදුවීම් මගින් අධාර ක්‍රියාවලිය පසුබෑමකට ලක්වන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.
වසර 10ක පමණ කාලයක් තිස්සේ නයිජීරියාවේ පවතින ගැටුම් වලින් දහස් ගණන් ජනයා මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනා අවතැන් වී සිටිති.
(බීබීසී ඇසුරිනි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
නයිජීරියාවේදී පැහැරගත් ස්වෙච්ඡා සේවකයින් ඝාතනය කෙරේ
Binkunndaa Thursday, 23 July 2020 04:40 PM
දැන් තියෙන නයිජීරියානු ආණ්ඩුවට ඕනෙ ‘‘හරාම්‘‘ ලවා හරි මුලු රටම ඉස්ලාම් යටතට ගේන්න. ආණ්ඩුවේ හමුදාව නිදි...