
ප්‍රංශයේ නැන්ටෙස්හි 15වන සියවසට අයත් ආසන දෙව්මැදුරක ගින්නක් හටගෙන තිබේ.
බලධාරීන් පවසන්නේ ගින්නෙන් දේවස්ථානයට විශාල හානියක් සිදුව ඇති බවයි.එය ගිනිතැබීමක් බවට සැක කරන බවද ඔවුහු පවසති.
හිමිදිරි පාන්දර හටගෙන ඇති ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය කිහිපයක් ගතවී ඇත.
පැරිසියේ නොත්‍රදාම් ආසන දෙව්මැදුර දැවැන්ත ගින්නකින් විනාශ වීමෙන් වසරකට පසුව මෙම ගින්න හටගෙන තිබේ.
ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් මුලින් සිතා සිටි තරම් හානියක් සිදුව නැති බවත් ගිනි නිවන අංශ පවසයි.
පැරිසියට කිලෝමීටර 340ක් පමණ නිරිත දිගින් පිහිටි මෙම දෙව්මැදුර පිහිටා තිබේ.
දේවස්ථානයේ ගින්නක් හටගත් පළමු අවස්ථාව මෙය නොවන අතර 1944 දෙවන ලෝක යුධ සමයේ ඇතිවූ ගින්නකින් එය අර්ධ වශයෙන් විනාශ වී ඇත.1972 වර්ෂයේ ඇතිවූ ගින්නකින් දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ විය.
පසුව එහි පැරණි දැව වහල ඉවත් කර කොන්ක්‍රීට් ව්‍යුහයකින් ප්‍රතිසංස්කරණය කර තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd