
ප්‍රංශයේ නැන්ටෙස්හි 15වන සියවසට අයත් ආසන දෙව්මැදුරක ගින්නක් හටගෙන තිබේ.
බලධාරීන් පවසන්නේ ගින්නෙන් දේවස්ථානයට විශාල හානියක් සිදුව ඇති බවයි.එය ගිනිතැබීමක් බවට සැක කරන බවද ඔවුහු පවසති.
හිමිදිරි පාන්දර හටගෙන ඇති ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය කිහිපයක් ගතවී ඇත.
පැරිසියේ නොත්‍රදාම් ආසන දෙව්මැදුර දැවැන්ත ගින්නකින් විනාශ වීමෙන් වසරකට පසුව මෙම ගින්න හටගෙන තිබේ.
ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් මුලින් සිතා සිටි තරම් හානියක් සිදුව නැති බවත් ගිනි නිවන අංශ පවසයි.
පැරිසියට කිලෝමීටර 340ක් පමණ නිරිත දිගින් පිහිටි මෙම දෙව්මැදුර පිහිටා තිබේ.
දේවස්ථානයේ ගින්නක් හටගත් පළමු අවස්ථාව මෙය නොවන අතර 1944 දෙවන ලෝක යුධ සමයේ ඇතිවූ ගින්නකින් එය අර්ධ වශයෙන් විනාශ වී ඇත.1972 වර්ෂයේ ඇතිවූ ගින්නකින් දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ විය.
පසුව එහි පැරණි දැව වහල ඉවත් කර කොන්ක්‍රීට් ව්‍යුහයකින් ප්‍රතිසංස්කරණය කර තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශයේ ඉපැරණි දෙව්මැදුරක ගින්නක්