උතුරු කොරියාවේ ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වී තිබේ.
මෙලෙස රෝගය ආසාදනය වී ඇත්තේ සතියකට පමණ පෙර දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට බව උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවය පවසයි.
මොහු නීති විරෝධී ලෙස දේශසීමාව හරහා පැමිණි අයෙකු බව ද සඳහන් වේ.
කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු දේශ සීමාවේ පිහිටි කෙසොං නගරය අගුලු දමා ඇති අතර නායක කිම් ජොන් උන් ඉහල පෙලේ නායකයින් සමග හදිසි රැස්වීමක් පවත්වා තිබේ.
දැඩි ආරක්ෂක විධිවිධාන සහිත දේශ සීමාව හරහා පුද්ගලයෙකු ඇතුළු වූයේ කෙසේද යන්න සම්බන්දව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන බවට ද අනතුරු අඟවා ඇත.
උතුරු කොරියාව මීට පෙර පවසා තිබුණේ එරට කොරෝනා ආසාදිතයන් නොමැති බවයි.
නමුත් විශ්ලේෂකයන් පවසා සිටියේ මෙය සිදුවිය හැකි දෙයක් නොවන බවයි.
මීට මාස හයකට පෙර වයිරසය ලොවපුරා පැතිරීම ආරම්භ වනවිට උතුරු කොරියාව සිය දේශසීමා වසා දැමීය.මෙ මස මුලදී ජනපති කිම් පවසා සිටියේ කොවිඩ් - 19 සම්බන්දව තම රට ඉහල සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
උතුරු කොරියාවෙන් පළමු වරට ආසාදිතයෙක් හමුවෙයි
Nihal Sunday, 26 July 2020 01:39 PM
මිසයිලයෙන් පිළිතුරු සෙවිය හැකිදැයි බලමු.