IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


චීනය අඟහරු වෙත රොකට්ටුවක් යවයි

අඟහරු ග්‍රහයා වෙත යැවෙන රොකට්ටුවක් චීනය අද (23) සාරථකව ගුවන් ගත කළේය.

මෙම රොකට්ටුව චීනයේ හයිනෑන් දූපතේ වෙන්චැන් අභ්‍යවකාශ ගුවන්තොටුපලින් එරට වේලාවෙන් දහවල් 12.40ට ගමන් ආරම්භ කර තිබේ.

රොකට්ටුව 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා වටා කක්ෂගත වීමට නියමිතය.

ටියෑන්වෙන් - 1 ලෙස නම් කර ඇති රෝවරය රොකට්ටුව මගින් ගෙන යනු ලබන අතර රොකට්ටුව කක්ෂගතවී මාස තුනකින් පසු රෝවරය අඟහරු මතුපිටට පතිත කිරීමට සැලසුම් කර ඇත.

අඟහරු ග්‍රහයාගේ වායුගෝලීය තත්ත්වයන් අධ්‍යයනය කිරීම සඳහා මෙම කාලය යොදාගන්නා බව විද්‍යාඥයෝ පවසති.

අඟහරුගේ සමකයට උතුරින් තැනිතලාවකට රෝවරය පතිත කරවන අතර එමගින් පෘෂ්ඨයේ භූ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.

චීනය විසින් මෙලෙස ගුවන්ගත කරන ලද්දේ දින 11ක් තුළ පෘථිවියෙන් අඟහරු බලා පිටත් වන යානා තුනෙන් එකකි.

සඳුදා (20) එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත සිය ප්‍රථම යානය ගුවන්ගත කළ අතර ඉදිරි සතියේ ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ද යානයක් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (6)

චීනය අඟහරු වෙත රොකට්ටුවක් යවයි

Jagath Thursday, 23 July 2020 12:09 PM

මම හිතන්නේ මේ අර රොකට් රෝහිතගේ රොකට් එක වෙන්න පුළුවන්..

:       51       78

sunil Thursday, 23 July 2020 12:43 PM

ලෝකෙටම ලෙඩ දෙන ගමන් අභ්‍යාවකාශය තරණය කරනවා.

:       26       103

Prabha Thursday, 23 July 2020 04:05 PM

දැන් එහෙනම් අඟහරු ලෝකෙ ගියත් චීන කෑම වරදින එකක් නැහැ.

:       0       22

Don Thursday, 23 July 2020 06:35 PM

මට විශ්වාසයි ඔවුන් රොකට්ටුව සමඟ කොවිඩ්-19 මාරාන්තික වෛරසයක් ද එවා ඇති බව !

:       0       17

Perera Thursday, 23 July 2020 06:51 PM

අඟහරු ලෝකෙටත් කොරෝනා බෝ කරන්නද හදන්නේ.?

:       0       11

Harin Friday, 24 July 2020 12:10 AM

අඟහරුත් ඉවරයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site