
බොලිවියාවේ අමාත්‍යරුන් 07 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආමාත්‍යවරුන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එරට අන්තර්වාර ජනාධිපතිනිය ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කියා සිටියාය.
ඇයද එම වයිරස ආසාදනය වී සිටින්නීය.
තවද එරට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ බොලිවියානු හමුදා ප්‍රධානීයට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ජනාධිපතිනිය කියා සිටින්නීය.
දිගු කාලයක් පුරා එරට ජනාධිපති ධූරයේ සිටි එවෝ මොරලාස් එහි ධූරයෙන් නෙරපීමත් සමග පත්වුණ අන්තර්වාර රජයේ ජනාධිපතිනිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ආසාදිතයින් වීම සමස්ත රජයේ නොහැකියාව බව එවමොරාලෙස් ගේ ආධාරකරුවෝ චෝදනා කර සිටිති.
මේ වන විට බොලිවියාවේ පුද්ගලයින් 50,867 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර පුද්ගල මරණ 1898 සිදුව තිබේ.
( ගාඩියන් ඇසුරෙනි )
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අවාසනාවට අපිට එහෙම වාසනාවන්ත ආරංචි අහන්න හම්බෙන්නේ නැහැ නේ අපේ රට ගැන.