
කොළොම්බියාවේ කොරෝනා ආසාදිතයින් 500,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502,178ක් බවයි.
වාර්තා වූ ආසාදිතයින් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් අගනුවර වන බොගෝටා නගරයෙන් වාර්තා වී ඇත.
බොගෝටා හි දැඩි සත්කාර ඒකකවල ධාරිතාවෙන් 82%ක් පමණ පිරී ඇති බව වෛද්‍යවරු පවසති.
කොළොම්බියාවේ කොරෝනා වසංගතයෙන් පුද්ගලයන් 16,000ක් මියගොස් ඇත.
වයිරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා මාස පහක් තිස්සේ කොළොම්බියාව අගුලු දමා තිබේ.
කෙසේවුවද බොහෝ ව්‍යාපාර ක්‍රමයෙන් විවෘත කිරීම ආරම්භ කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd