ඉන්දියාවේ කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව 50,000 සීමාව පසුකර තිබේ.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසයෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 51,059ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඉන්දියාවේ මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 2.65 ඉක්මවා ඇත.
පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 57,981ක් වාර්තා වී ඇති අතර මරණ 941ක් සිදුවී තිබේ.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවෙන් ඉන්දියාව මේවනවිට ලොව තෙවැනි ස්ථානයේ සිටින අතර ඔවුන්ට ඉහළින් සිටින්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd