තම රටට බාහිරින් එල්ල වන යුද තර්ජනවලදී ආරක්ෂක සහාය සැපයීමට රුසියාව එකඟ වී ඇතැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා පවසයි.
ඉකුත් 9 වැනිදා පැවති එරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව මේ වන විට දැවැන්ත විරෝධතා පැවැත්වේ.
මර්දනයට, ප්‍රචණ්ඩත්වයට සහ වැරදි ඡන්ද ප්‍රතිඵලවලට එරෙහිව වගකිය යුතු බෙලරුස් රාජ්‍යයේ නිලධාරින්ට නව සම්බාධක පැනවීමට යුරෝපා විදේශ අමාත්‍යවරු තීරණය කිරීමත් සමඟ ජනාධිපතිවරයා මේ බව නිවේදනය කර තිබේ.
එම ජනාධිපතිවරණයේදී ලුකෂෙන්කෝ මහතාට ජය හිමිවිය.කෙසේ වෙතත් අමෙරිකාව ද මෙම මැතිවරණය නිදහස්ව හා සාධාරණව නොපැවැත්වුණු බවට චෝදනා කරයි.
මේ අතර ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්ටෝනියාව යන රටවල අග්‍රාමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බෙලරූස්හි ප්‍රචණ්ඩකාරී මර්දනය කිරීම් සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන බවයි.
උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බෙලරූස් ජනාධිපතිවරයා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් සහාය ඉල්ලා තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
බෙලරුස්හි සහායට රුසියාව ඉදිරිපත් වෙයි