IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ ටෝකියෝවේ පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්වී ඇතැයි බලධාරීහු පවසති.

අගෝස්තු 12 වැනිදා සිට 19 දක්වා වන දින අටක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත.

ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාසයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයින් 28 දෙනා අතරින් 11 දෙනෙක් 70 හැවිරිදි වියේ පසුවූවෝ වෙති.

10 දෙනෙකු 80 හැවිරිදි වියේ පසුවන්නන් බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ අනුව මරණයට පත්වූ පුද්ගලයන් අතරින් 80% අවම වශයෙන් 70 හැවිරිදි වියේ පසුවෙති.

පුද්ගලයන් 11 දෙනෙකු රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වී ඇත.

මිය ගිය අය අතරින් 25 දෙනෙකු වායු සමීකරණ භාවිත කර නොමැත.

එබැවින් රාත්‍රී කාලයේ වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන ලෙස සෞඛ්‍ය සේවා බලධාරීහු ජනතාවට උපදෙස් දී ඇත.

උෂ්ණත්ව වාර්තා සටහන් කිරීම ආරම්භ කර 1998 වසරේ සිට ජපානයට බලපෑ උෂ්ණත්වයේ සාමාන්‍ය අගයේ ඉහළම මට්ටම පසුගිය වසරේදී වාර්තා විය.

නගානෝ, ගිෆු ,නාරා, කොචී සහ මියසැකි ප්‍රදේශවලින් මෙම සතියේ සෙල්සියස් අංශක 39  වැඩි උෂ්ණත්වයක් වාර්තා විය.

226

එන්.එච්.කේ ඇසුරෙනි

 



අදහස් (0)

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site