දකුණු කොරියාවේ කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයින් 197 දෙනෙකු අද (17) හමු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.
ඒ අනුව, එරටින් මේ දක්වා හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 15,515ක් වේ. අද හමුවූ රෝගීන්ගෙන් බහුතරය හෙවත් 89 දෙනෙකු හමු වී ඇත්තේ සෝල් නගරයෙනි. එය කොරෝනා වයිරසය දකුණු කොරියාවෙන් ප්‍රථම වරට හමවූ ජනවාරි මස සිට මේ දක්වා එම ප්‍රදේශයෙන් හමු වූ වැඩිම රෝගීන් ගණන වේ.ඉන් බහුතරය දේවස්ථාන ආශ්‍රිතව වර්තා වේ.
මේ සමඟ දකුණු කොරියාව තුළ කොරෝනා දෙවැන රැල්ලක් නිර්මාණය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ සැක පළ කර සිටිති.
පුද්ගල දුරස්ථභාවය පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.කොරෝනා වෛරස අසාදනය වූ රෝගීන් හමු වුවද නව මරණ කිසිවක් පසුගිය දින කිහිපය පුරා දකුණු කොරියාවෙන් වාර්තා වී නොමැත. එරටින් මේ දක්වා කොරෝනා මරණ 305ක් වාර්තා වී ඇත.
( ගාඩියන් ඇසුරෙනි) 125
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට