IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ටික් ටොක්ලා ට්‍රම්ප්ට එරෙහිව උසාවි යන්න යයි

චීන ආයතනයකට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අමෙරිකාවේ තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් විධායක තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය පියවර ගෙන ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය අනුව ලබන සැප්තැම්බර් මස මැද භාගයේ සිට අමෙරිකාව තුළ ගනුදෙනුවල නිරතවීම ටික්ටොක් සමාජ මාධ්‍ය අයත් බයිට්ඩාන්ස් සමාගමට තහනම් වේ.

අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත චීන රජයට ලබාදෙන බවට අමෙරිකාව බයිට්ඩාන්ස් සමාගමට චෝදනා එල්ල කරන නමුත් එම සමාගම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ ජනපතිවරයාගේ පරිපාලනය සමඟ එකඟත්වයක් ඇතිකර ගැනීමට වසරක කාලයක සිට උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ බවයි.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම සතියේදී ආරම්භ කරන බව එම සමාගම ස‍ඳහන් කළේය. 
 
වීඩියෝ සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් භාවිත කරන අමෙරිකාවේ සක්‍රීය පරිශිලකයින් සංඛ්‍යාව මිලියන 80 කි.
 
-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ටික් ටොක්ලා ට්‍රම්ප්ට එරෙහිව උසාවි යන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site