ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පැවැත්වීමට රුසියාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇත.
වසර 2015 දී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පවත්වමු යැයි යෝජනා කරන ලද්දේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබුණේ බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන විටදී ය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානයට අමතරව ලෝක බලවතුන් ද එම ගිවිසුමට අත්සන් තැබීය.
ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරන බව කියමින් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කරගත්තේ ය.
ගිවිසුමේ ඉතිරි පාර්ශව සමඟ සාකච්ඡා කරමු යැයි රුසියානු ජනාධිපතිවරයා ඉකුත් දා කීය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය සහ ජර්මනිය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ අනෙක් පාර්ශවකරුවන් ය.
තවදුරටත් ‘‘ඝට්ටන සහ ආරවුල්’’ ඇති වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා කරමු යැයි රුසියානු ජනාධිපතිවරයා යෝජනාව වී තිබේ.
රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඇමෙරිකා - රුසියා විදේශ ඇමැතිවරු සාකච්ඡාවක