IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා තවත් ප්‍රහාරයක් සැලසුම් කරලා

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරමින් 2019 වසරේදී 51 දෙනකු ඝාතනය කළ පුද්ගලයා තවත් පල්ලියකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇතැයි ඒ සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගයේදී අනාවරණය වී ඇත.

බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති එම පුද්ගලයා මුස්ලිම් දේවස්ථාන ගිනි තබමින් හැකිතාක් ඝාතන කිරීම උත්සාහ කර ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.

ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ටැරන්ට් ට මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී තිබෙන අතර තාවකාලිකව මුදා හැරීම, හොඳ කල් ක්‍රියාවෙන් පසුවන බවට දෙන පොරොන්දුව හෝ නියමිත කාලයට පෙර සිරකරුවකු නිදහස් කිරීම යන කිසිදු කොන්දේසියක් ඔහුට අදාළ නොවන බව ද පැවසේ. නවසීලන්තය එවැනි දඬුවමක් පනවන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි ද පැවසේ.

ඝාතන 51ක් සිදු කිරීම, 40 දෙනකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා කිරීමේ චෝදනාවක් ඔහුට එල්ල වී තිබේ. ටැරන්ට් එම සියලු චෝදනාවලට වරද පිළිගෙන ඇත.

ටැරන්ට් සිය ප්‍රහාරයේ ඇතැම් අවස්ථා සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කළ අතර එම ප්‍රහාරයෙන් මුළු ලෝකයම දැඩි කම්පනයකට පත්විය. මෙම ප්‍රහාරය නිසා නවසීලන්තය එරට ගිනිඅවි සම්බන්ධ නීතිරීති වෙනස් කිරීමට ද පියවර ගත්තේ ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගය ක්‍රයිස්ට්චර්ච්හිදී අද (24) උදෑසන ආරම්භ විය. ප්‍රහාර එල්ල වූයේ ද ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට ය. මෙම ප්‍රහාර එල්ල වූයේ පසුගිය වසරේ මාර්තු මාසයේදී ය. බ්‍රෙන්ටන් ටැරන්ට් සුදු ජාතිකයන් ලොව උසස්තම ජාතිය යැයි අදහස් දරන අන්තවාදී පුද්ගලයකු යැයි ද පැවසේ.

‘කොවිඩ්-19’ වයිරස වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් අධිකරණ ශාලාව හිස් ස්වභාවයක් ගත්තේ ය.
ක්‍රයිස්ට්චර්ච් අධිකරණ සංකීර්ණයේ තිබෙන අමතර අධිකරණ හතක් මෙම නඩු විභාගයේදී භාවිතයට ගෙන තිබූ අතර නඩු විභාගය පැවැත්වෙද්දි එම අධිකරණවලට ප්‍රහාරයෙන් දිවි බේරාගත් පිරිස් සහ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් යොමු කර තිබිණි. ඔවුන්ගෙන් බොහෝදෙනකු ඉදිරි දින තුනේදී ප්‍රකාශ ලබා දීමට නියමිතය.

තුවක්කුකරු වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රහාරය සැලසුම් කර තිබී ඇතැයි ද හැකි තරම් ඝාතන කිරීම ඔහුගේ අරමුණ හා ඉලක්ක වී තිබී ඇතැයි ද කිරීටය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන්නා (රජයේ නීතීඥ) බාර්නබි හෝව්ස් පැවැසීය.

තුවක්කුකරු නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන පිළිබඳ තොරතුරු එක්රැස් කර ඇතැයි ද අධිකරණයේදී කියැවිණි. එමෙන්ම ඒවායේ භූමි සැලසුම්, ඒවායේ පිහිටීම සහ අනෙකුත් තොරතුරු මෙන්ම වැඩිදෙනකු ඒවාට පැමිණෙන වේලාවන් පිළිබඳ තොරතුරු ද එක්රැස් කළ බව මෙහිදි අනාවරණය විය.

තුවක්කුකරුගේ මූලික ඉලක්කය වී ඇත්තේ අල් නූර් දෙවස්ථානයයි. ප්‍රහාරයට මාස කිහිපයකට පෙර හෙතෙම ක්‍රයිස්ට්චර්ච් වෙත ගොස් විශේෂයෙන් ම ඔහුගේ ප්‍රධාන ඉලක්කය වූ අල් නූර් දේවස්ථානයට ඉහළින් ඩ්‍රෝන යානයක් ද යවා තිබේ.

අල් නූර් දේවස්ථානයට අමතරව ඈෂ්බර්ට්න් දේවස්ථානයට සහ ලින්වුඩ් ඉස්ලාම් දේවස්ථානයට ද ප්‍රහාර එල්ල කිරීමට ඔහු සැලැසුම් කර ඇත.

ප්‍රහාරය එල්ල කළ දිනයේදී හෙතෙම අල් නූර් දේවස්ථානයෙන් පලා යෑමට උත්සාහ කළ සහ වීදිවල සිටි ජනතාවට ද වෙඩි තැබීය. ඒ අතර අන්සි අලිබාවා ද වේ. අන්සි අලිබාවා පල්ලියෙන් පිටත්ව යන අවස්ථාවදී තුවක්කරු ඔහු යට කරගෙන ගොස් ඇත.

අල් නූර් දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව තුවක්කුකරු ලින්වුඩ් ඉස්ලාම් දේවස්ථානය දෙසට මෝටර් රථය පදවාගෙන ගොස් අතර ඒ අවස්ථාවේදී හෙතෙම අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයන් ට ද වෙඩි තබා ඇත. තුවක්කුකරු කොකේසියානු ජාතික (යුරෝපීය හෝ සුදු වර්ගයට අයත්) පුද්ගලයකු දෙසට තුවක්කුව එල්ල කර ඇති නමුත් “සිනාසී වාහනය ඉවතට පදවාගෙන” ගොස් ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.

මුස්ලිම් දේවස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඒවා ගිනි තැබීමට තමන් සැලසුම් කළේ යැයි ද එසේ කරන්නට තිබුණා නම් ඉතා හොඳ යැයි අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ටැරන්ට් පොලිසියට පවසා තිබිණි.
ටැරන්ට් මුලදී ඔහුට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඉකුත් ජූනි මාසයේදී නඩු විභාගයට මුහුණ දීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් හෙතෙම පසුව චෝදනාවලට තමන් වරදකරු යැයි පිළිගත්තේ ය. ඔහු අධිකරණයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටින අතර, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටියි.

ටැරන්ට් ට අවම වශයෙන් වසර 17ක සිර දඬුවමක් හිමිවනු ඇතැයි පැවසේ. මෙම නඩු විභාගයේ මුලසුන හොබවන මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් ට අවසන් තීරණය ගැනීමට බලය තිබේ. ඒ අනුව කිසිදු තාවකාලික නිදහස් කිරීමක් නොමැති ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ටැරන්ට් ට හිමිවනු ඇතැයි පැවසේ.

තාවකාලිකව මුදා හැරීම, හොඳ කල් ක්‍රියාවෙන් පසුවන බවට දෙන පොරොන්දුව හෝ නියමිත කාලයට පෙර සිරකරුවකු නිදහස් කිරීම යන කිසිදු කොන්දේසියක් ඔහුට අදාළ නොවන බව ද පැවසේ. නවසීලන්තය එවැනි දඬුවමක් පනවන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි ද පැවසේ.

ඉදිරි දින කිහිපයේදී හැටකට වැඩි පිරිසක් අධිකරණය හමුවේ ප්‍රකාශ ලබාදෙනු ඇතැයි වාර්තා වේ. ප්‍රකාශ ලබා දීම සඳහා ඇතැම් පිරිසක් විදේශවල සිට පැමිණ ඇති අතර ඔවුන් සති දෙකක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු වී ඇතැයි ද වාර්තා වේ.

අධිකරණය හමුවේ ප්‍රකාශ ලබා දීම සඳහා ප්‍රහාරයෙන් සති හතකට පසු මියගිය සිකේරියා තුයාන් ගේ බිරිඳ වන වෛද්‍ය හමීමා තුයාන් සිංගප්පූරුවේ සිට නවසීලන්තයට පැමිණියා ය. ඇය සති දෙකක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ද යොමු වූවා ය.

ලිඛිත ප්‍රකාශයක් ලබා දීමට මුලින් සිතුවද එයින් ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු අභිමතය ඉටු වේවි යැයි සිතා තමන් වාචික ප්‍රකාශයක් ලබාදීමට නවසීලන්තයට පැමිණියේ යැයි ද හමීමා තුවාන් බී.බී.සී. පුවත් සේවයට කීවාය.

සමස්ත දුරස්ථභාවයට අදාළ රෙගුලාසි නිසා තවත් සිය ගණනක් විඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ වෙති.

වෙඩි තැබීමෙන් මාසයකට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවේදී හමුදා පන්නයේ ගිනි අවි තහනම් කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම යෝජනාව 119ට 1ක් ලෙස සම්මත විය.


බී.බී.සී. ඇසුරිනි

055


 



අදහස් (1)

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා තවත් ප්‍රහාරයක් සැලසුම් කරලා

fairoos Monday, 24 August 2020 09:56 AM

ලංකාවේ නම් ඔහුටත් නීතීඥයකු හොයාගන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site