
ඩෙන්මාර්කයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව එරට අගමැතිනී මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි.
ඒ අනුව ලබන 22 වන දා සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවද අගමැතිනිය කියා සිටීන්නීය.
ඩෙන්මාර්කයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.මේ වන විට එරටින් කොවිඩ් ආසාදිතයින් 15,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 621ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය අප්‍රේල් මාසය මැද භාගය වන තෙක් කොවිඩ් 19 වයිරසය ඩෙන්මාර්කය තුළ වසංගතයක් දක්වා වර්ධනය වූයේ නැත.
එමෙන්ම වයිරසය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ යුරෝපීය කලාපීය රටවල් අතරන් පළමු වරට විවෘත කළ රට වන්නේ ද ඩෙන්මාර්කයයි.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd