
කොවිඩ් 19 ආසාදනය වී සිටින ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව ඔහුගේ පුත් අභිජිත් මුඛර්ජි උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
ඒ අනුව, සිය පියාට නුදුරු දිනකදී රෝහලෙන් පිටව යාමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කර ඇතැයි ද එම වාර්තා වල සඳහන් වේ.
84 හැවිරිදි ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය 10 වෙනිදා හඳුනා ගැනුණි.ගත වූ දින කිහිපය පුරා ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් වෙන්ටිලේටර් යන්ත්‍රයේ සහයෙන් නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීන් නිවේදනය කර තිබේ.
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd