IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ගණන ඉහළට

මේ වසරේ මුල් මාස 6 තුළදී ඇමෙරිකා පුරවැසියභාවය හිමි පුද්ගලයින් බොහෝ දෙනෙක්  එම පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ.මෙම පර්යේෂණය කර ඇත්තේ "බැම්බ්‍රිජ් එකවුන්ට්ස්" නම් ආයතනයය. ඉකුත් වසරවලට සාපේක්ෂව පුද්ගලයින් මෙලෙස ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ සදහන් වේ.
 
එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී ඇමෙරිකානුවන්  5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත. නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්තේ  ඇමෙරිකා ජාතිකයින්  2,072 ක් පමණකි.
 
"මේ අතරින් බොහෝ දෙනෙක් මේ වන විටත් අමෙරිකාවෙන් ගිහිල්ලා. ඔවුන්ට හිතිලා ඇති දැන් ඇති කියලා, අපිට පෙනෙන විදියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාප, කොරෝනා වසංගත තත්ත්වය හසුරුවන ආකාරය සහ අමෙරිකාවේ වර්තමාන දේශපාලන ප්‍රතිපත්ති ගැන ජනතාවට ඇතිවෙලා  යැයිද බැම්බ්‍රිජ් එකවුන්ට්ස් ආයතයේ ප්‍රකාශකවරයෙක් එන්.බී.සී පුවත්සේවයට වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
 
ඉදිරියේදී තව තවත් පුද්ගලයින් ඇමෙරිකානු පුරවසිභාවයෙන් මිදීමට ඉඩ ඇති බව එම පර්යේෂණ ආයතනය පවසයි.
 
(එන්.බී.සී වෙබ් අඩවිය ඇසුරෙනි)

125
 



අදහස් (2)

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ගණන ඉහළට

ගල් බමුණා Tuesday, 11 August 2020 12:20 PM

ඡන්දේ ඉල්ලන්ට වෙන්ටැති..

:       234       113

de silva Friday, 14 August 2020 08:53 AM

දැන් අපේ සර්ලා නම් ඕවා ඉවත් කරගන්නේ නැහැ. 2/3 තිබෙන නිසා ව්‍යවස්ථාව වෙනස් කරාවි... එතකොට ප්‍රශ්නයක් නැහැ.

:       50       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 289 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site