IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


ලෙබනන පරිසර අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙයි

 

ප්‍රතිසංස්කරණ කිරීමට ආණ්ඩුව තිබුණු අවස්ථා ගණනාවක් මඟහැරුණු බව පවසමින් ලෙබනනයේ පරිසර අමාත්‍ය දමියනෝස් කට්ටාර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

මේ අනුව ලෙබනනයේ අග්‍රාමාත්‍ය හසන් දයිබ්ගේ ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ දෙවැනි අමාත්‍යවරයා වන්නේ දමියනෝස් කට්ටාර් ය. හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූයේ ඉරිදා පස්වරු වේය. එදිනම පෙරවරුවේ ආණ්ඩුව ජනතාව අසමත් කළ බව කියමින් ලෙබනන තොරතුරු අමාත්‍යවරිය වූ මනාල් අබ්දෙල් සමාද් එම ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

“මේ ව්‍යවසනය මුල් කරගනිමින් මම ආණ්ඩුවෙන් අයින් වෙනවා. මම මගේ ඉල්ලා අස්වීම බාරදෙනවා. මේ ආණ්ඩුව ගැන තිබුණු බලාපොරොත්තුව නැතිවෙලා. ප්‍රතිසංස්කරණ කරන්න මේ ආණ්ඩුව අවස්ථා ගණනාවක් තිබුණා. ඒ සියල්ල මග හැරියා. මේක දැන් නිෂ්ඵල ආණ්ඩුවක් වෙලා” යැයි පරිසර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

 

රොයිටර් /ඒ.ඒෆ්.පී.

055



අදහස් (0)

ලෙබනන පරිසර අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 290 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site